මඤ්ඤොක්කා එක්ක පොල් කන්නෙ ඇයි ?

මඤ්ඤොක්ක තම්බල පොල් ටිකක් ගාල ගත්තම ඉතින් ආයෙ වෙන මුකුත් කන්න ඕනෙ නැති තරම්. ඒ තරමටම මතක් වෙද්දිත් කටට කෙළ උනන කෑමක්.





ඉතින් ඇයි අපි මඤ්ඤොක්කා එක්ක පොල් කන්නෙ 🤔මඤ්ඤොක්කා පියන නොවසා තම්බන්න කියන්නෙ ඇයි 🤔ඇත්තටම විෂ ගතියක් තියනවද 🤔මේ වගේ ප්‍රශ්න කිහිපයකට උත්තර තියනවද බලමු.


මඤ්ඤොක්කා කියන්නෙ සයනයිඩ් අඩංගු ආහාරයක්. පියන නොමැතිව විවෘත භාජන වල තම්බනකොට සයනයිඩ සංයෝග ඔක්සිකරණය වෙලා වාෂ්ප වෙලා ඉවත් වීමක් සිද්ද වෙනවා.

ඊලගට දේහය තුළ සයනයිඩ ඉවත් කිරීමේ ක්‍රම කිහිපයක් තියනව.

1 අපි ගන්න ආහාර වල තියන සයනයිඩ අණු අක්මාව තුළදි සල්ෆර් එක්ක සම්බන්ද වෙලා විෂ රහිත තයෝසයනේට හදලා මුත්‍ර සමග පිට කරන්න පුළුවන්. ප්‍රධානවන මේ ක්‍රියාවලියට සල්ෆර් දෙන්නෙ සිස්ටීන් කියන ඇමයිනෝ අම්ලය විසින්.

2 ඊළගට තමයි අපි ගන්න ආහාර වල විටමින් B 12 තියනවනෙ. ඒකට කියන්නෙ කොබැලමින් කියල. ඒකෙ සක්‍රිය අවස්ථාව හයිඩ්‍රොක්සි කොබැලමින් කියල හදුන්වනව. ඉතින් මේ විටමින් B 12 වලින් සයනයිඩ කොටස අරගෙන සයනොකොබැලමින් කියන විෂ රහිත සංයෝගය හදනව.ඉතින් දැන් පොලුයි මඤ්ඤොක්කයි ගැන බලමුකො. මඤ්ඤොක්කා වල ලිනමරීන් කියන සයනොජෙනික් ග්ලයිකොසයිඩ (සයනයිඩ් නිපදවිය හැකි ග්ලයිකොසයිඩ අණු) අඩංගු වෙනව. ඒකෙන් HCN (හයිඩ්‍රජන් සයනයිඩ්) නිපදවීමක් වෙනව. ඉතින් අපි මඤ්ඤොක්කා කනකොට පොල් එක්ක මඤ්ඤොක්කා කනවනම් ඒ විෂහරණය වෙනව. ඊට හේතුව පොල් වල තියන සිස්ටීන් කියන ඇමයිනෝ අම්ලය. සිස්ටීන් වල සල්ෆර් අඩංගුයි. මේ සල්ෆර් සයනයිඩ් එක්ක බැදිලා සිස්ටීන් තයෝසයනේට් හදනව. මේ සංයෝගය ලේසියෙන්ම කුඩා කොටස් වලට කඩල මුත්‍ර සමග පිට කරන්න පුළුවන්.

අපේ පරණ ආහාර රටාව එක්ක තියන විද්‍යාත්මක පසුබිම දැන් පැහැදිලියි නේද.

වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක

Comments

Post a Comment

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද