Posts

Showing posts with the label Art

“Funny boy” චිත්‍රපටය

Image
ඉ න්දියානු සහ කැනේඩියානු සිනමා අධ්‍යක්ෂකවරියක් වන දිපා මෙහෙතාගේ නවතම චිත්‍රපටය ලෙස 2020 වර්ශයේදි “ෆනි බෝයි” ( Funny boy ) චිත්‍රපටය තිරගත වීම ආරම්භ වේ . කැනේඩියානු සිනමා කෘතියක් ලෙස “ Funny boy” චිත්‍රපටය එළිදැක් වුවද මෙහි කතා පුවත ලාංකිය සන්දර්භයක් සහිතය . 1994 දි ෂ්‍යාම් සෙල්වදුරයි විසින් රචිත “Funny boy” නවකතාව ඇසුරින් දිපා මෙහෙතා මෙම චිත්‍රපටය නිශ්පාදනය කරන්නීය. එම නව කතාව සුගතපාල ද සිල්වා මහතා අතින් "අමුතු ඉලන්දාරියා" නමින් සිංහලයටද පරිවර්තනය විය. අති දක්ෂ සිනමා අධ්‍යක්ෂවරියක වන දිපා මෙහෙතා සාමාන්‍යෙන් ආන්දොලනාත්මක සිනමා අත්දැකිමක්   ප්‍රේක්ෂකයාට ගෙන දේ. බොහෝ විට සමාජ වාරණයට ලක්වන්නා වූ චිත්‍රපට මාතෘකා   ඇ තම සිනමාවට ඉතා සමබරව සුමටව ගෙන එයි. උදාහරණයක් ලෙස ඇය අධ්‍යක්ෂණය කරන " fire" චිත්‍රපටය ස්ත්‍රි සමලිංගික සබඳතාවක් පිළිබද වූ තේමාවක් ඉන්දිය ප්‍රේක්ෂකයා මත තබයි.දිපා මෙහෙතාට ඉන්දියාව අතහැර දමා යන්නට වන්නෙද මේ ප්‍රබල තේමාවන් නිසාමය. “Funny boy” චිත්‍රපටය ලාංකිය පදනමක් සහිත තේමාවක් මුලික කරගනි. එමෙන්ම එහිදි සමල...

ආල ශුෂ්ක නොමැත

Image
  දෙනෙත් පියා නොසිට ආල කරන තරමට වශී වූ බව මසිත ඉගි කරයි දෙනෙත හුස්මක් පවා නොදැන දෙ අත් නොපැකිලිව පා සෙමෙන් ඇදෙන හද රිද්මයට  ගැහෙන පිනි බිංදු වැටෙන ලැම රිද්ම ගෙනෙන නුබ සමගැ යදින කාල අවකාශ නොමැත නුඹ දෙනෙත මත දියවි වැටෙන ලැම හරහා ඇදෙන ආල ශුෂ්ක නොමැත ✍️සුදේශ් අබේනායක 

සියයක් රික්තක

Image
රික්තක විදින  ජීවිත හිස්ව යන සිතුවිලි කක්ෂය මත සිටින .. මතක ,  සිරවන වාර සියයක් වුවද ඉතිරිය රික්තක . 2021-07-18  පද- සුදේශ් අබේනායක  රූ- චමෝදී දයාවංශ 

පැහැ නොවන ‌ආල

Image
💅📷 චමෝදී දයාවංශ ................................... සිතින්  වර්ණකල්පිතව  මවමි නුඹ ලගින් සිටි වග  දැනුදු  දිවෙයි හද තනි වන තැන  වසයි නුඹ දුන් විෂ  ආල තරමට නොදුටී නීල දෙනෙත  රත් වූ මගේ දෙනෙත එ වර්ණ ලෙසට  කැඩපතකි නුඹේ දෙතොල විෂ මත්ව වැටෙන  මා හිස්ව කලෙක දම් පැහැ ය අහස නිසල නිදන රැයක නිදි වදින මලෙක කේෂ වැටෙන තැනක ඉකි බිදිනු මැනව ✍️ සුදේශ් අබේනායක

නොසිදි ආලය

Image
 ඇගේ මතක තුල මා සිර වී  ගලවන්න හැකීද නුඹ හට  බිදුණු හදකට  ජීවය දෙන්න ඇගෙ දැස් අමතක නොවන වග නුඹටද මා ආලය පුදන බව  සිත දනි රහසේම නුඹ හා බැදෙන විට නුඹේ පිරිපුන් මතක තුල ගැවසෙන්න ඉඩ දී  හැකිද නුඹට  රජ කරන්නට මගේ හද තුල  සැගව ඇත මහත් ආලය පිදුවේ නැත  ඇයට සාරය පුදන විට නොසිදි ආලය පුදන්නම් මගේ හිස් වු මනස ©සූදේශ් අබේනායක  2021/06/17

පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා

Image
 පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා  ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයකි මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා යනු ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී පාද දෝවනය කර ඉන්පසු ගෙත්සමනියට ගිය බව අපි දැන සිටිමු. එය නිවැරදි බව සත්‍යකි. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී අනතුරුව පාවා දෙනු ලැබීම තුල උන්වහන්සේගේ පාස්කුව සිදු වූ බව අභිධාර්මිකව සත්‍යක් ය යන්න සදහන් කල යුතුය. මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයකි. එදින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී කාරණයක් වන්නේ තෛල ආශිර්වාද කිරීමය. වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහ බ්‍රහස්පතින්දා දිනයේදීය. සෑම රදගුරු වසමකම රදගුරු තුමා ප්‍රමුඛ පුජා ප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවන් සදහා සක්‍රමේන්තුවට අවශ්‍ය කරන ශුද්ධවූ තෛලය ආශිර්වා...

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

Image
දෙවියනි මම ගැහැනියක්  නොවේ ද  කාන්තාරයේ කුසුම හෙළිදරව් කරනා වූ ආගමික හා භෞතිකවාදී කියමන්   Desert flower 1999 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පත් වීය. Desert flower රංජිත් කුරුප්පු මහතා විසින් සිංහලයට "කාන්තාරයේ කුසුම" නමින් පරිවර්තනය කරන ලද අතර Desert flower රචනා කරන්නේ වාරිස් ඩයිරි සහ කැත්ලින් මිලර් එක්වය.  මෙහි කතා නායිකාව වාරිස් ඩයිරි සෝමාලි ජාතික ප්‍රසිද්ධ සුරූපී මෝස්තර නිරූපිකාවක් මෙන්ම සමාජ ක්‍රියාකාරිණියක් හා නිළියක් ද වේ. ඇගේ කටුක දිවිය 1998 දී ප්‍රකාශයට පත් වන්නේ Desert flower යන නමිනි.  ඔබ කාන්තාරයේ කුසුම කියවා ඇත්නම් ඇගේ කටුක ජීවිත කතාව පිළිබඳව මා නැවත නැවත විස්තර කළ යුතු නැත්තේය . 2009 වර්ෂයේ Desert flower චිත්‍රපටයට ද නැගේ .  වාරිස්ගේ කථාව ආරම්භ වනුයේ සෝමාලියා වෙනි. සෝමාලියානු භාෂාවෙන් වාරිස්  යන වචනයෙහි තේරුම කාන්තාරයේ පිපුණු කුසුම යනුවෙනි වචනයේ පරිසමාප්තියෙන්ම ඇය කාන්තාරය වැනි  කර්කශ දේශගුණයක් සහිත පරිසරයක පිපුණු සුවඳ හමන කුසුමකි. වාරිස් උපත ලබන්නේ සෝමාලියාවේ ඉතියෝපියාවට මායිම් ව  පිහිට...