Posts

Showing posts with the label medicare

තෙල් කැම කද්දි පරිස්සමින්!!

Image
  තෙල ගැන කියවමු ( තුන්වන කොටස) ප්ලාස්ම ලිපිඩ ආකාර හා ලිපෝප්‍රෝටීන අපි හැමෝගෙම ශරීරය පුරා ද්‍රව්‍යය පරිවහනය කරන්නෙ රුධිරය මගින්. ප්ලාස්මය හා සෛල ලෙසට කොටස් දෙකක් ප්‍රධානවම තියනව. ඉතින් ප්ලාස්මයෙ තියන ලිපිඩ වලට තමයි අපි ප්ලාස්ම ලිපිඩ කියන්නෙ. 1 කොලෙස්ටරෝල් එස්ටර 2 කොලෙස්ටරෝල් 3 පොස්පොලිපිඩ 4 ට්‍රයිග්ලිසරයිඩ 5 මේද අම්ල කලින් ලිපිවල මං කිව්ව වගේම ලිපිඩ කියන්නෙ ජලයෙ දිය නොවන සංයෝගයක්. ඉතින් රුධිර ප්ලාස්මය තුළ 93%ක් පමණ තියෙන්නෙ ජලය නිසා ලිපිඩ දිය වෙන්නෙ නෑ. ඉතින් ලිපිඩ පරිවහනය කරන්න බෑ. ඒ නිසා විශේෂ අණු වර්ගයක් හදනව ලිපෝප්‍රෝටීන කියල. ඊට අමතරව ඇල්බියුමන් කියන ප්‍රෝටීනයෙ දියවෙලත් මේද අම්ල පරිවහනය කරන්න පුලුවන්. ලිපෝප්‍රෝටීන කියන්නේ ගෝලාකාර අංශු වර්ගයක්. 1 කයිලොමයික්‍රෝන  2 VLDL 3 LDL 4 HDL අපි කන කෑම වල තියන ලිපිඩ ජීරණය ගැන මම කලින් ලියපු ලිපියෙ කයිලොමයික්‍රෝන වල කාර්ය්‍යය පැහැදිලි කලා. අපි ගන්න ආහාර වල තියන ලිපිඩ ට්‍රයිග්ලිසරයිඩ ලෙසට පයෝලස නාලිකා හරහ රුධිරයට දෙන්නෙ මෙයාලා. HDL වල තියනව apo c ii කියල කොටසක්. රුධිරයෙදි මේ කොටස කයිලොමයික්‍රෝන වලින් අරන් එයාලට සම්බන්ධ කරගන්නව. ඒකෙන් l...

කැමත් එක්ක අපි ගන්න තෙල්

Image
තෙල ගැන කියවමු (දෙවන ලිපිය) ලිපිඩ ජීරණය හා අවශෝෂණය අපි ගන්න ලිපිඩ ආහාර අවශෝෂණය කරගන්න එක නම් හරි ලස්සන ක්‍රියාවලියක්. අපේ මුඛයේ ඇති lingual lipase, ආමාශයේ ඇති gastric lipase හා කුඩා අන්ත්‍රයේදී ක්‍රියා කරන pancreatic lipase, colipase, phospholipase, cholesterol esterase යන එන්සයිමයන් නිසා ලිපිඩ ජීර්ණය පහසුකරනව. කුඩා දාම මේද අම්ලයන් නම් සුළු ලෙස ආමාශයෙන්ද අවශෝෂණය කර රුධිරයට එක් කරනු ලබනව. නමුත් අන්ත්‍රය තුළ එහි පළමු කොටසේදී එනම් අමාශයෙන් එළියට ආහාර ද්‍රාවණය පැමිණි විට එයට විවර වන පිත්ත ප්‍රණාලය හා ආග්න්‍යාශයික  ප්‍රණාලයන් මගින් නිකුත් කරන පිත හා එන්සයිම ද්‍රාවණ නිසා ලිපිඩ ජීර්ණය පහසු කරනව. පිත නිසා ලිපිඩ තෛලෝදිකරණයක් සිදුවෙනව. මෙහිදී ලිපිඩ කුඩා අංශුවලට කැඩෙනව. ඒ කොටස් පොස්පොලිපිඩ ස්ථරයකින් වටවෙලා මිසෙල්ලා අනු හදනව. ඒ මිස්ල්ලා තමා ආන්ත්‍රික අපිච්ඡදයේ සෛල වලින් ඒ කියන්නෙ පොඩි බඩවැලේ ඇතුල් බිත්තියෙන් උරා ගන්නව. ඒවා ඒ සෛල ඇතුලෙදි කයිලොමයික්‍රෝන බවට පත්වෙලා වසා පයෝලස නාලිකා නම්වූ වසා කේශනාලිකා වලට උරාගෙන පස්සෙ රුධිරයට එකතු වෙනව. රුධිරයේදී නම් මේ කයිලොමයික්‍රෝන වලට ලස්සන ක්‍රියාවලි ගොඩකට ...

කාලා කාලා තෙලද?

Image
 තෙල ගැන කියවමු   (පලමු ලිපිය) තෙල වැඩි අයට💗 අපි ගන්න ආහාර වල ලිපිඩ අඩංගු කොටස් වලට ඇත්තටම මොකක්ද වෙන්නෙ කියල දැනගන්න කැමතිද? මේ ගැන පොඩි ලිපි මාලාවක් ලියන්න හිතුවා. 1 ලිපිඩ වර්ග හා ආහාර 2 ලිපිඩ ජීරණය හා අවශෝෂණය 3 ප්ලාස්ම ලිපිඩ ආකාර (ලිපෝප්‍රෝටීන වර්ග) 4 රුධිර නාල වල ලිපිඩ තැන්පතු ඇතිවීම 5 කොලෙස්ටරෝල් 6 ඔමෙගා-3 හා ඔමෙගා-6 7 මේද ද්‍රාවී විටමින 8 ස්ටෙරොයිඩ හෝර්මෝන පළවෙනි කොටස 1 ලිපිඩ වර්ග හා ආහාර ලිපිඩ යනුවෙන් අප හදුන්වන්නේ ජල්යේ දිය නොවන කාබනික අණු විශේෂයක්. ප්‍රධාන ආකාර කිහිපයක් යටතේ වර්ග කරන්න පුළුවන්. I සරල ලිපිඩ මේදය සරල ලිපිඩ කාණ්ඩයේ අණු විශේෂයක්. II සංකීර්ණ ලිපිඩ පොස්පොලිපිඩ ග්ලයිකොලිපිඩ ඇමයිනොලිපිඩ සල්ෆොලිපිඩ ලිපෝප්‍රෝටීන III ලිපිඩ අඩංගු අණු මේද අම්ල ග්ලිසරොල් ස්ටෙරොයිඩ මේද ද්‍රාවී විටමින ඇල්ඩිහයිඩ කීටෝන දේහ ජෛව විද්‍යාත්මක වටිනාකම් I අපි කන කෑම බීම වලින් තමයි අපිට ශක්තියක් ලැබෙන්නෙ. එතකොට අපි කන සිනි හෝ පිටි ආහාර ඒ කියන්නෙ කාබෝහයිඩේ‍්‍රට තමයි මූලික ශක්ති අවශ්‍යතාවය සපුරන්නෙ. ඉතින් අපේ ඇගේ ඒ සීනි ආහාර ඉවර වෙද්දි තෙල් ඉදිරිපත් වෙනව මේ වැඩේට. ඒකට ලොකු රසායනික ක්‍රියා...

පෙත්ත මිස් උනොත් බඩුම තමා !!!!

Image
 උපත්පාලන පෙති භාවිතය. උපත්පාලනය ගැන ලිපි මාලාවේ කාන්තාවන් සදහම සුවිශේෂ වන තවත් එක් ලිපියක්. ඩිම්භකෝශ වලින් ඩිම්බ මෝචනය වළක්වගන්න පුලුවන් වීම, ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම වළක්වාලීම, ගර්භාෂ ඇතුළ් බිත්තියේ දරුවෙකු පිළිසිදගැනීම වැළැක්වීම කියන සාධක මත උපත්පාලන පෙති භාවිතය සිදු වෙනව. මෙහි හෝර්මෝන මාත්‍රාවන් සහිත පෙති 21ක් හා යකඩ අඩංගු පෙති 7ක් සහිතයි. පළමු පෙති වලින් ඩිම්බ මෝචනය වළක්වනව වගේම. ඩිම්බ රහිත ඔසප් වීමක් සිදු කරන්න මේකෙන් හේතු වෙනව. එතකොට යකඩ පෙති තියෙන්නෙ ඔසප් වීමේදි පිටවන රුධිරය නිසා සිදුවිය හැකි යකඩ ඌනතාවය වළක්වන්න. ඉතින් මේ පෙතිවල අඩංගු ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් මාත්‍රාවන් වලින් FSH හා LH ස්‍රාවය වීම වළක්වන්න පුළුවන්. ඒ කියන්නෙ ඔබගේ ඩිම්භකෝශ තුළ මාසික චක්‍රයට අවශ්‍ය ඩිම්බයක් පරිණත වීම හෝ එවැනි ඩිම්බයක් පිට වීම සිදුවෙන්නෙ නෑ. ඊට අමතරව ගර්භාෂ ඇතුළු බිත්තිය අක්‍රිය වීම හා අධිරෝපණය නැවතීම ඒ කියන්නෙ සංසේචනය වුනු ඩිම්බයක් තැන්පත් වීම වැළක්වීම හා ගැබ්ගෙල ශ්ලේෂ්මල ශුක්‍රාණු ඇතුළු නොවන පරිදි සකස් වීම සිදු කිරීම මගින් උපත්පාලන පෙති වලින් මෙම ක්‍රියාව සිදු වෙනව. භාවිතා කරන්න පුළ...

මොනවද මේ විටමින් A කියන්නෙ ?

Image
  මොනවද මේ විටමින් A කියන්නෙ 🤔 අපි එදිනෙදා පරිභෝජනයට ගන්න ආහාර වල අඩංගු වන පෝෂක විශේෂයක් තමා විටමින් කියන්නෙ. ඉතින් ජලද්‍රාවී හා මේද ද්‍රාවී ලෙසට වර්ග දෙකක් තියනව. ඒකෙන් ජල ද්‍රාවී විටමින වෙන්නෙ Vitamin B සංකීර්ණය හා Vitamin C. මේද ද්‍රාවී විටමින විදියට Vitamin A D E හා K හදුන්වන්න පුළුවන්. මේද ද්‍රාවී විටමින අපි ගන්න ආහාර වල ප්‍රෝටීන එක්ක බැදිල තියන නිසා ආමාශයේ ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙද්දි මේද ද්‍රාවී විටමිනත් නිදහස් වෙනව. ඒවා කුඩා අන්ත්‍රයේ පළමු කොටස වන duodenum එකේදී අවශෝෂණය කරල chylomicron වලින් වසා පද්ධතිය හරහ රුධිරයටත් පසුව ගබඩා කිරීම සදහා අදාළ පටක වලටත් යවනවා. මේද ද්‍රාවී විටමින පරිවහනයත් අපි කලින් ලිපි වල කතා කරපු මේද හා ලිපිඩ අවශෝෂණය හා පරිවහනයටම සමානයි. ඉතින් විටමින් D ප්‍රධාන වශයෙන් මේද පටකය හා පේශි පටකයේත් විටමින් A retinal palmitate ලෙසට අක්මාවේත් විටමින් K හා E අක්මාවේත් ගබඩා කිරීම සිද්ද වෙනව. ඉතින් ජලද්‍රාවී විටමින වගේ දේහයෙන් ඉවත් කිරීම පහසු නොවන නිසා අධිමාත්‍ර වලින් විෂවීමක්ද විය හැකියි. අද පොඩ්ඩක් කතා කරමු විටමින් A ගැන. ප්‍රධාන සක්‍රීය සංයෝග ආකාර විදියට Retinol,...

මුහුදු ගිය නාවිකයන්ට හැදුනු ලෙඩේ!

Image
ඉස්සර කාලෙ ඉස්සර කාලෙ මුහුදු ගිය නාවිකයෝ මාස ගනන් හිටියෙ නැව් වල. ඉතින් මේ අයට එහෙම ඉද්දි එක විශේෂිත රෝගයකට මුහුණ දෙන්න උනා. ඒ අයගෙ විදුරුමසෙන් ලේ ගලන්න ගත්ත. සංදි වේදනාවක් එක්ක සමට යටින් ලේ පැල්ලම් මතු වුනා. ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු වුනා. අධික වෙහෙසක් හා දුර්වල කමක් දැනුනා. ඉතින් මේකට පිළියම් හොයන් යද්දි පලතුරු වලින් මේ තත්වය මගහැරෙන බව තේරුනා. මාස ගනන් නැව් වල ඉන්නකොට හොද නැවුම් පලතුරු හා එළවළු කන්න වෙන්නෙ නෑනෙ ඉතින් මේ ගැන වැඩි දුර පර්යේෂණ කරද්දි හොයාගත්ත මේ නැවුම් එළවළු පලතුරු වල තියෙන ඇස්කොබික් අම්ලය කියන පෝෂකයනැති කමින් එන ලෙඩක් කියල. ඒ කියන්නෙ Vitamin C. විටමින් C එහෙම නැත්තම් ඇස්කොබික් අම්ලයේ සක්‍රීය අවස්ථාව වෙන්නෙ L-ascorbic acid හා L-dehydroascorbic acid. ඉතින් මේ කියන තරම් මේකෙ තියන වටිනාකම මොකක්ද, ප්‍රතිඔක්සිකාරක හැකියාව. ඒ කියන්නෙ අර මං ලිපිඩ ලිපි වල සදහන් කලේ රුධිර නාලවල ලිපිඩ තැන්පතු එන්න කලින් LDL ඔක්සිකරණය වෙනව කියල. ඉතින් එහෙම ඔක්සිකරණය වෙන එක වළක්වන්න පුළුවන් සංයෝග තමයි පතිඔක්සිකාරක කියන්නෙ. විෂ සංයෝගයන්ගේ විෂහරණය හා බැහැරකිරීමට. ස්නායු ආවේග සම්ප්‍රේෂණය සදහ අවශ්‍ය ...

Diphtheria හෙවත් ගලපටලය

Image
Diphtheria හෙවත් ගලපටලය Corynebacterium diphtheriae කියන gram positive දණ්ඩාකාර ස්වායූ බැක්ටීරියා කාණ්ඩය මගින් ඇතිවන රෝගී තත්වයක් තමයි ඩිප්තීරියාව හෙවත් ගලපටලය කියන්නෙ. දැනට ශ්‍රී ලංකාව තුළ නම් නියමිත එන්නත්කරණ වැඩපිළිවෙළක් සහිත නිසා මේ රෝගය වාර්තා වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් මේ බැක්ටීරියාව පසෙහි වතුරෙහි වගේම ශාක මතුපිටත් ඉන්න පුලුවන්. ඒ වගේම මිනිස් සම හා ස්වසන පද්ධතියේ ඉහළ කොටස් වලත් ආහාර මාර්ග පද්ධතියේත් මෞත්‍ර ලිංගික පද්ධති ආශ්‍රිතවත් ඉන්න පුළුවන්. ඩිප්තීරියාව ප්‍රධාන වශයෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වගේම සමෙහි වුනත් ඇතිවෙන්න පුළුවන්. ඒ අනුව nasopharyngeal cutaneous and systemic කියල වර්ග කරන්න පුලුවන්.  බීජෞෂණ කාලය සාමාන්‍යයෙන් දින 2ත් 5ත් අතර අගයක තිබ්බත් එය දින 1 සිට 10 දක්වාම වෙනස් වෙන්න පුලුවන් ඒ අනුව මද උණ තත්වයක් උගුරේ වියළි වේදනාවක් බෙල්ලෙහි කුද්දැටි ඉදිමීමක් වගේ පෙන්නුම් කරන්න පුලුවන්. ප්‍රධානම ලක්ෂණය වෙන්නෙ අළු සුදු පාට ව්‍යාජ පටලයක් මගින් ග්‍රසනිකාවෙ නාසය ආශ්‍රිත කොටස ස්වරාලය හා tonsils හා පොඩි දිව ලෙස හදුන්වල තල්ලේ එල්ලෙන කොටස හා තල්ල යන කොටස් වැසී යාමක් දකින්න පුළුවන්. මේ ...

වයසට යද්දි ඇස් පෙනීම දුර්වල වෙන්නෙ ඇයි?

Image
 වයසට යද්දි අපේ ඇස් පෙනීම එන්න එන්නම දුර්වල වෙනව. ඒකට හේතුව වෙන්නෙ මොකක්ද 🤔 අපේ ඇසෙහි තියනව පුංචි කාචයක්. ඒක ද්වි උත්තල ඒ කියන්නෙ දෙපැත්තෙන්ම පිටතට වක් වුනු කාචයක්. සාමාන්‍යයෙන් මේකේ විෂ්කම්භය 10mm පමණ වෙනව. වටේට තියන zoonules කියන තන්තු ආකාර කොටස් වලින් මේ කාචය ඉන් පිටත ඇති ciliary body කියන කොටසට සම්බන්ධ කරනව. හරියට නිකන් බයිසිකල් රෝදෙක රිම් (ciliary body) එකට ස්පෝක් (zoonules) වලින් මැද කොටස (කාචය) සම්බන්ධ කරල තියෙන්නෙ අන්න ඒ වගේ. මෙම කාචය තුළ රුධිර වාහිනි දක්නට ලැබෙන්නෙ නෑ ඒ නිසා කාචය වීදුරු වැනි ස්වභාවයක් එනම් පාරදෘශ්‍ය ස්වභාවයක් ගන්නව. කාච තන්තු කියන දිගු සෛල විශේෂයකින් තමා මේ කාචය හැදිල තියෙන්නෙ. කාචයෙ මැද කොටස nucleus ලෙසත් වටේ කොටස cortex ලෙසත් හදුන්වනව. මේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම capsule එකකින් ආවරණය වෙලා තමයි තියෙන්නෙ. අපිට මොනවහරි දෙයක් පේන්නෙ ආලෝකය ඒ වස්තුව මත වැටිල අපෙ ඇසට පතිත වීමෙන්. ඉතින් අපි ළග වස්තුවක් දිහා බලන වෙලාවට මේ කාචයේ වක්‍රතාවය වැඩි කරන්න ඕනෙ. ඉතින් ciliary body එකේ තියන පේශී සංකෝචනය වෙන්න පටන් ගන්නව. එතකොට zoonules නිදහස් වෙලා කාචය ලිහිල් කරනව. ඒ නිසා කා...

තුවාල සුව වෙන්න පරක්කුද?

Image
  දියවැඩියාව එක්ක එන තුවාල ගැන කතා කරන්න හිතුවා. දියවැඩියාව කියන්නෙ සීනි වැඩි එකම විතරයි කියල හිතන් ඉන්න කට්ටියව පොඩ්ඩක් බය කරන්න හිතුනා. මොකක්ද මේ දියවැඩියාවත් එක්ක එන හොද වෙන්නෙ නැති තුවාල. එතකොට ඇයි එව්ව රිදෙන්නෙ නැත්තෙ. ඒකට හේතු වෙන්නෙ දියවැඩියාව එක්කම එන ස්නායු ආබාධ තත්වයකුයි රුධිර නාල අවහිරතාවයකුයි.  ස්නායු ආශ්‍රිත සංකූලතා ඉතින් දියවැඩියාව තියන වෙලාවට ඉන්සියුලින් වලට ප්‍රතිරෝධයක් අපේ ඇගේ හැදෙනව. ඒ නිසා ඇගේ සීනි මට්ටම වැඩි වෙනව. ඒ කියන්නෙ ග්ලූකෝස් මට්ටම. එතකොට පොලියෝල් ප්‍රතික්‍රියා සක්‍රීය වෙලා ඒකෙන් සෝබිටෝල් ප්‍රමාණය වැඩි වෙනව. එතකොට NO සෑදීමේ ක්‍රියාවලිය නම් නවතිනව. ඉතින් රුධිර නාල හැකිලෙනව. මොකද NO තමයි ප්‍රධාන වශයෙන් රුධිර නාලවල හැකිලීම වළක්වන්නෙ. එතකොට ස්නායු වලට රුධිර සැපයුම නැවතිලා ස්නායු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඊට අමතරව සොබිටෝල් වලින් ATPase ක්‍රියාව අඩු කරන නිසා ස්නායු ආවේග සන්නයනය වෙන්නෙ නෑ. ඒ කියන්නෙ වයර් එක දිගේ කරන්ට් යන්නෙ නෑ. මොකද ස්නායුව වයර් එකක් නම් ඒකෙ කරන්ට් එක යන්න සෝඩියම් එක්ක පොටෑසියම් දෙපැත්තට පැන පැන ක්‍රියා කරන්න ඕනෙ මේකට උදව් වෙන්නෙ ATPase පොම...

බඩේ ගල් ද ?

Image
ඔබ මම අනිවාර්යයෙන් අහල තියන වචනයක් තමා මගෙ බඩේ ගල් මූත්‍රාශෙ ගල් වගේ අපෙ ඇගෙ හැදෙන ගල් ගැන. ඉතින් පොඩ්ඩක් බලමු මේ බඩේ ගල් එහෙම නැත්තම් පිත්තාශෙ ගල් එන්නෙ කොහොමද කියල. අපේ අක්මාව කියන්නෙ ගොඩක් දේවල් කඩන වගේම ගොඩක් දේවල් හදන තැනක් ඉතින් මේ අක්මාවෙදි අපි කන කොලෙස්ටරෝල් වල බිදවැටීම සිද්ද වෙනව. ඒකෙන් හදනව Lithocholic acid හා deoxycholic acid කියන සංයෝගයන්. ඒව තමයි අපි පිත කියල හදුන්වන්නෙ මේ පිත ඕනෙ වෙනව ආහාර මාර්ගයෙ තියන ලිපිඩ ආහාර තෛලෝදිකරණය කරන්න. ඒ කියන්නෙ ජීරණය පහසු කරන්න. ඉතින් මේ පිත අක්මාවෙන් කෙලින්ම ආහාර මාර්ගය නොදී පිත්තාශය කියන පොඩි මල්ලක් වැනි අවයවයක තැන්පත් කරනව. එතනදි වතුර අවශෝෂණය කරල පිත තවත් සාන්ද්‍ර කරනව. ඉතින් මේ පිත සාන්ද්‍ර වෙලා උපරිම උනොත් ලවණ අවක්ෂේප වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ගල් හැදෙන්න පුළුවන්. මීට අමතරව කොලෙස්ටරෝල් අධික පුද්ගලයන්ගේ කොලෙස්ටරෝල් තැන්පත් වීම වැඩි වීමෙන්ද පිත්තාශයේ ගල් හදන්න පුළුවන්. ඒ කියන්නෙ පිත්තාශයේ ගල් ප්‍රධාන ආකාර තුනක් තියනව පිත් ලවණ ගල්, කොලෙස්ටරෝල් ගල් හා මිශ්‍ර ගල් ලෙසට. මීට අමතරව අක්මාවෙන් තමා අපේ වයසක රතු රුධිර සෛල බිදවැටෙන්නෙත්. ඉතින් දවස් 12...

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

Image
  පියයුරු පිළිකා ( Breast Carcinoma)   පියයුරු පිළිකා යනු පාලනයකින් තොරව සෛල බෙදීම නිසා පියයුරු වල ඇති වන අසාමාන්‍ය වර්ධනයකි. මෙම පිළිකා සෛල පියයුර ආසන්න ප්‍රදේශයටත්, ශරිරයේ වෙනත් අවයවවලටත් පැතිර යාමේ ප්‍රවණතාවයක් ඇත. එසේ පැතිර යන්නේ වසා නාළ හා රුධිර නාළ තුළිනි.   පියයුරු පිළිකා කාන්තාවන් අතර ඇති වන බහුලම පිළිකා වර්ගයකි. ලොව පුරා පිළිකා නිසා සිදු වන මරණ අතරින්, පියයුරු පිළිකා දෙවන ස්ථානය ගනී. සාමාන්‍යයෙන් කාන්තාවන් නම දෙනෙකුගෙන් එක් අයෙකුට තම ජීවිත කාලය තුළදී පියයුරු පිළිකාවක් ඇති වීමේ අවදානමක් ඇත. පියයුරු පිළිකා අතරින් 1% ක් ඇති වන්නේ පුරුෂ පාර්ශ්වයටය.   පියයුරු පිළිකා සඳහා අවදානම් සාධක   සෑම කාන්තාවකටම පියයුරු පිළිකාවක් ඇති වීමේ අවදානමක් පවතින අතර පහත සඳහන් අවස්ථාවලදී පියයුරු පිළිකාවක් ඇති වීමේ ඉහළ අවදානමක් ඇත.   • වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට   • වයස අවුරුදු 12ට පෙර වැඩිවියට පත්වී ආප්තවහරණය වයස අවුරුදු 50න් පසුව සිදුවීම. • උපත්පාලන පෙති හෝ හෝමෝන ප්‍රතිකාර ක්‍රම භාවිත කර තිබීම • පළමු දරුවා වයස අවුරුදු 30 පසුවී බි...

මඤ්ඤොක්කා එක්ක පොල් කන්නෙ ඇයි ?

Image
මඤ්ඤොක්ක තම්බල පොල් ටිකක් ගාල ගත්තම ඉතින් ආයෙ වෙන මුකුත් කන්න ඕනෙ නැති තරම්. ඒ තරමටම මතක් වෙද්දිත් කටට කෙළ උනන කෑමක්. ඉතින් ඇයි අපි මඤ්ඤොක්කා එක්ක පොල් කන්නෙ 🤔මඤ්ඤොක්කා පියන නොවසා තම්බන්න කියන්නෙ ඇයි 🤔ඇත්තටම විෂ ගතියක් තියනවද 🤔මේ වගේ ප්‍රශ්න කිහිපයකට උත්තර තියනවද බලමු. මඤ්ඤොක්කා කියන්නෙ සයනයිඩ් අඩංගු ආහාරයක්. පියන නොමැතිව විවෘත භාජන වල තම්බනකොට සයනයිඩ සංයෝග ඔක්සිකරණය වෙලා වාෂ්ප වෙලා ඉවත් වීමක් සිද්ද වෙනවා. ඊලගට දේහය තුළ සයනයිඩ ඉවත් කිරීමේ ක්‍රම කිහිපයක් තියනව. 1 අපි ගන්න ආහාර වල තියන සයනයිඩ අණු අක්මාව තුළදි සල්ෆර් එක්ක සම්බන්ද වෙලා විෂ රහිත තයෝසයනේට හදලා මුත්‍ර සමග පිට කරන්න පුළුවන්. ප්‍රධානවන මේ ක්‍රියාවලියට සල්ෆර් දෙන්නෙ සිස්ටීන් කියන ඇමයිනෝ අම්ලය විසින්. 2 ඊළගට තමයි අපි ගන්න ආහාර වල විටමින් B 12 තියනවනෙ. ඒකට කියන්නෙ කොබැලමින් කියල. ඒකෙ සක්‍රිය අවස්ථාව හයිඩ්‍රොක්සි කොබැලමින් කියල හදුන්වනව. ඉතින් මේ විටමින් B 12 වලින් සයනයිඩ කොටස අරගෙන සයනොකොබැලමින් කියන විෂ රහිත සංයෝගය හදනව.ඉතින් දැන් පොලුයි මඤ්ඤොක්කයි ගැන බලමුකො. මඤ්ඤොක්කා වල ලිනමරීන් කියන සයනොජෙනික් ග්ලයිකොසයිඩ (සයනයිඩ් නිපදවිය ...

හැමදාම තරුණව ඉන්න

Image
  මේ විදියට ජලය පානය කරොත් සමේ රැළි වැටීම් අවම කරගෙන හැමදාම තරුණව ඉන්න පුළුවන්   ජලය කියන්නේ අපේ ජීවිතය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය කරන වැදගත්ම සාධකයක්. ආහාර නොමැතිව සිටියත් ජලය නොමැති ව අපට එක් දිනක්වත් ජීවත්වීමට නොහැකීයි. ඒ නිසයි අපට ජලය මේ තරම්ම වැදගත් වෙන්නේ. එබැවින් අවශ්‍යතාවය දැනෙන සෑම මොහොතකදීම පිරිසුදු ජලය පානය කරන්නටත්, එපමණකින් නොනැවතී ජලය මිශ්‍ර ආහාර පාන, පලතුරු ආදිය ලබා ගැනීමටත් අපි පුරුදු වී සිටිනවා. ඔබ දන්නවද අපගේ ශරීරය තුළ සිදු කෙරෙන සෑම ක්‍රියාවක් සඳහාම ජලය සක්‍රීය දායකත්වයක් සපයන බව?. ඒ අතුරින් සමේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ජලය විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ඔබ සමේ ආරක්ෂාව සඳහා බාහිරින් ආලේප කරන ආලේපන වලට කිසිදා ලබා දිය නොහැකි  ආරක්ෂාවක්, පෝෂණයක් ජලය මඟින් සමට ලබා දෙනවා. සාමාන්‍යයෙන් අපේ සමෙහි තෙතමනය රඳා  පවතින්නේ සිරුර තුළ පවත්නා ජලය මතයි. එමෙන්ම සමෙහි ඇදෙනසුලු ස්වභාවය රදා පවතින්නේද  සමෙහි ඇති ජල මට්ටම අනුවයි. ජලය අඩුවීම සමඟ සමෙහි රැලි වැටීම් ඇතිවීමේ අවදානමක් පවතින අතර අපේ සමට අවශ්‍ය කරන ඛනිජලවණ වැඩි ප්‍රමාණයක් සමට ළඟා කරවන්නේ ද අප බීම...