Posts

Showing posts with the label social issues

"ඉන්න බැරිනම් අස් වෙලා යන්න" - KIU විශ්ව විද්‍යාල(බත්තරමුල්ල ) ඉහල කලමණාකාරීත්වය

Image
බත්තරමුල්ලේ පිහිටි KIU පුද්ගලික විශ්ව විද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් එහි සිසුන්ට බැන වදිමින් තර්ජනය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ. මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන බහුතරයක් සිසුන් රජයේ ණය මුදල් යටතේ ඉගෙනුම ලබන අතර මේ හේතුවෙන් ම විශ්ව විද්‍යාලයේ කළමණාකාරිත්වය සිසුන් පීඩාවට පත් කරන බව ද වාර්තා වේ. එම වීඩියෝව පහතින්,  https://fb.watch/9gOsPlZ3lo/   වීඩියෝ පටය නරඹන්න මේ මත ක්ලික් කරන්න මේ සම්බන්දව සිසුවෙකුගේ අදහස්  “මා KIU (බත්තරමුල්ල) විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. මා මාගේ පුද්ගලික තොරතුරු කිසිවක් ඉදිරිපත් නොකරන්නේ මේ සම්බන්ධව කතා කරන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් KIU(බත්තරමුල්ල) විශ්ව විද්‍යාලයේ ඉහල කළමනාකාරිත්වය දැඩි විනයවිරෝධී ක්‍රියාමාර්ග ගන්නා බවටත් ශිෂ්‍යභාවය අහෝසි කරන බවටත් වාචිකව මෙන්ම ලිඛිතව දැනුවත් කර ඇති හෙයිනි. KIU විශ්ව විද්‍යාල(බත්තරමුල්ල ) ඉහල කලමණාකාරීත්වය විසින් පෙර දැනුදීමක් නොකර මීට දින කිහිපයකට පෙර හදිසියෙ සියලු කලමණාකර පීඨ සිසුන්ට පැවැත්වීමට තිබු මාර්ගගත විභාය ක්‍රමය අවලංගු කර මේ මස 17 වැනි දින සිට විශ්ව විද්‍යාලයට කැදවා විභාග පැවැත්වීමට තිරණය ක...

ඉදිරියේදීත් දරුවන්ට අවශ්‍යය වුවහොත් online පහසුකම්..........

Image
 ඉදිරියේදීත් දරුවන්ට අවශ්‍යය වුවහොත් online පහසුකම් ලබා දෙන ලෙස, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට 6%ක්‌ වෙන් කරන ලෙස හා දරුවන් ගැන සිතා ගුරු ගැටළු විසඳන ලෙස ඉල්ලමින් අද දීප ව්‍යාප්තව පාසල් ඉදිරිපිට දෙමාපිය උද්ඝෝෂණ පැවැත්විණි. මේ බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහල ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේ දසුන් කිහිපයකි.

කඩුවෙල ගුරු උද්ඝෝෂණය

Image
 කඩුවෙල ගුරු උද්ඝෝෂණය   වැටුප් ගැටලු විසඳන ලෙස ඉල්ලා සිටිමින් ඊයේ (ජූලි 30) කඩුවෙල නගරයේ සංවිධාන කර තිබූ ගුරු උද්ඝෝෂණය  අවසන් වෙයි. එය ඊයේ පෙරවරුවේ මුනිදාස කුමාරතුංග විදුහල අබියසින් ආරම්භ විය. මේ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක ශ්‍රී ජයවර්ධනපුර  අධ්‍යාපන කලාපයේ සාමාජික විදුහල්පතිවරු , ගුරුවරු ඇතුලු තවත් ගුරු විදුහල්පතිවරු විශාල පිරිසක් එක්වූහ.  මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ සාකච්ඡා ක්‍රමය ප්‍රතික්ෂේප නොකරන බවත් නමුත් ඊට සමගාමීව මෙවැනි විරෝධතා ව්‍යාපාරයන්ද අඛණ්ඩව ගෙන යන බවත්ය.   ලංකා ගුරු සංගමයේ මධ්‍ය විධායක සභික කමල් විතාන, ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර, ස්වාධීන ලංකා ගුරු සංගමයේ සභාපති පුංචිහෙට්ටි යන මහත්වරුන් දිගු කලක් ඇදී ආ ගුරු වැටුප් ගැටලුව කඩිනමින් විසඳිය යුතුම බව ප්‍රකාශ කලහ. මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන්ට ඇති ගැටලු කඩිනමින් විසඳීමේ අවශ්‍යතාවද මොවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. W. ප්‍රියදර්ශනී -

ගුරු වර්ජන අඛණ්ඩව ඉදිරියට - හෙට කඩුවෙලදීත්

Image
  ගුරු වර්ජන අඛණ්ඩව ඉදිරියට - හෙට කඩුවෙලදීත් ජනාධිපති කාර්‍යාලය අසල පැවති උද්ඝෝෂණය  වැටුප් ගැටලු විසඳන ලෙස ඉල්ලා සිටිමින් සංවිධාන කෙරෙන තවත් උද්ඝෝෂණයක්‌ හෙට පැවැත්වෙන බව එම උද්ඝෝෂණයේ සංවිධායක මණ්ඩල සාමාජික ලංකා ගුරු සංගමයේ කොළඹ දිස්ත්‍රික් කැඳවුම්කරු ලහිරු සම්පත් අමරවීර මහතා පවසයි.   එය පෙ.ව.10.00 ට කඩුවෙල මුනිදාස කුමාරතුංග විදුහල අබියසින් ආරම්භ වේ. මේ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ සාමාජික විදුහල්පතිවරු , ගුරුවරු ඇතුලු ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ තවත් ගුරු විදුහල්පතිවරු විශාල පිරිසක් එක්වීමට නියමිතයි. තම සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් හැකි සෑම ක්‍රමවේදයක්ම අනුගමනය කරමින් මේ සඳහා එක්වන ලෙසට වෘත්තීය සමිති   ගුරුවිදුහල්පතිවරු දැනුම්වත් කර තිබේ. ඉකුත් දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට හා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන ගුරු සංගම් දෙක සංවිධාන කල උද්ඝෝෂණයෙන් පසු රට පුරා විවිධ ප්‍රදේශ වල ගුරු,විදුහල්පති උද්ඝෝෂණ දියත් වෙමන් පවතී. වසර 24 ක් පුරා පැවති වැටුප් ගැටලුව අරගලයකින් තොරව විසඳා ගැනීමට නොහැකි පසුබිමක් ගොඩනැගී ඇත. ඇතැම...

රටටම ආදර්ශයක් වූ එන්නත්කරණ වැඩසටහන

Image
  කොවිඩ් 19 හේතුවෙන් පැනනැගි ගැටළු සාර්ථකව ජයගැනීම මුලු මහත් ලෝකයටම අභියෝගයකි. නමුත් එවැනි අවස්ථා විරල වශයෙන් වුවද දැකගත හැකිය. මෙරට ක්‍රමවත් විධිමත් එන්නත්කරණ වැඩසටහන් කිහිපයක් පසුගිය දිනවල දක්නට ලැබිණි. ඒවා සම්බන්ධව තොරතුරු ප්‍රචලිත කිරීම කාලීන අවශ්‍යයතාවකි. මන්ද යත් පසුගිය දිනවල ගැටළුසහගත තත්වයන් ඇතිවූ එන්නත්කරණ වැඩසටහන් වලට මෙන්ම ඉදිරි දිනවල සිදු කෙරෙන එන්නත් වැඩසටහන් සඳහාද මනා ආදර්ශයක් එමගින් සැපයෙන නිසාවෙනි.            මේ ඡායාරූප වල දැක්වෙන එන්නත්කරණ වැඩසටහන ඉකුත් දිනක පැවැත්වුණේ බත්තරමුල්ල සුධර්මාරාමයේදීය. ඊට පැමිණිය යුතු පිරිසට අදාළ ටෝකන ( Tokens ) පෙර දින ලබාදුන් අතර එහි පැමිණිය යුතු වේලාවද සඳහන් කර තිබිණි. ඒවා ලබාදීමේදී අදාළ පුද්ගලයින් එම ප්‍රදේශයේම පදිංචි පිරිසක්ද යන්න පිළිබඳව හොඳින් විමසා බලා ටෝකන ලබාදීම සිදු කෙරිණි. නියමිත වේලාවටම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ක්‍රමානුකූලව ලිපිලේඛන කටයුතු හා එන්නත්කරණ කටයුතු සිදු කෙරිණි. එන්නත ලබාදීමෙන් පසු වෛද්‍යය උපදෙස් අනුව රැඳී සිටින්නට නියම කරන විනාඩි 20 ඇතුළත්ව සෑම අයෙකුටම පැය භාගයකට ආසන්...

පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා

Image
 පාස්කුවේ ආරම්භය වන මහ බ්‍රහස්පතින්දා  ශුද්ධවූ සතියේ සුවිශේෂී දිනයකි මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා යනු ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී පාද දෝවනය කර ඉන්පසු ගෙත්සමනියට ගිය බව අපි දැන සිටිමු. එය නිවැරදි බව සත්‍යකි. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී අනතුරුව පාවා දෙනු ලැබීම තුල උන්වහන්සේගේ පාස්කුව සිදු වූ බව අභිධාර්මිකව සත්‍යක් ය යන්න සදහන් කල යුතුය. මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයකි. එදින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී කාරණයක් වන්නේ තෛල ආශිර්වාද කිරීමය. වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධවූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහ බ්‍රහස්පතින්දා දිනයේදීය. සෑම රදගුරු වසමකම රදගුරු තුමා ප්‍රමුඛ පුජා ප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවන් සදහා සක්‍රමේන්තුවට අවශ්‍ය කරන ශුද්ධවූ තෛලය ආශිර්වා...

වැලන්ටයින් ගැන නොදැන සැමරුම් කරන බහුතරෙන් කෙනෙක්ද ඔයා?

Image
ඔයාලා සමරන මේ වැලන්ටයින් කියන්නෙ ඇත්තටම මොකක්ද අද අපි බලමු ඒ ගැන අද ලිපියෙන් 🤗 පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයක්. වැලන්ටයින් දිනය නැතිනම් ආදරවන්තයින්ගේ දිනය කියා ඔබ සමරන . වානිජ්‍යවාදී ව්‍යාපාරිකයෝ, තරගකාරී මාධ්‍ය ආයතන දැන් දැන් ලහි ලහියේ විවිධ කටයුතු සඳහා සූදානම් වෙති. සමහර විට මේය කියවන ඔබත් ඇතූව , මාධ්‍ය ආයතන කෙරේ තරුණ කොටස් වැඩි ආකර්ශනයකට යොමුකර ගැනීමටත්, විවිධ වෙළඳ ව්‍යාපාරිකයෝ තම ලාභ අපේක්ෂාවන් වැඩිකර ගැනීම සදහා නානප්‍රකාර දැ කරන්නට සැරසේ . මෙහිදී ශු.වැලන්ටයින් තුමාව විකුණා කමින්ද එතුමාගේ නාමයට අපහාස වන අයුරින් ද ක්‍රියා කිරීම ලැජ්ජා සහගතය. වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි. කතෝලික රදගුරු තුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම නිසා තමයි මේ වැලන්ටයින් දිනයට නම මෙහෙම යෙදිලා තියෙන්නෙ වැලන්ටයින් තුමා යනු කවුද..? එතුමා මේ ලෝකයට කළ කාර්යය භාරය කුමක්ද..? යන යථාර්ථය නොදැන මේ ව්‍යාපාරිකයෝ අහිංසක ප්‍රේමවන්තයින් දඩමීමා කර ගනිමින් වැලන්ටයින් නාමය ඉදිරියට දමා සිදුකරන විවිධාකාර දේවල් නිසා මෙතුමා පිළිබඳව...

කොරෝනා සහ ජඩ මාධ්‍ය

Image
  ඉතා කලකිරීමෙන් ලියමි. මුලින්ම කියන්ඩ ඕනේ මගේ පවුලේ කිසිම කෙනෙක් හෝ නෑදෑයෙක් හෝ ඇගලුම් කම්හල්වල සේවය නොකරන බව.සමස්ත ඇගලුම් කර්මාන්ත සේවකයන් වෙනුවෙන් ලියමි. දිවුලපිටියේ ඇගලුම් කම්හලක සේවීකාවකට කොරෝනා බවට සොයාගත් අවස්ථාවේ සිට එම කම්හලේ තවත් සේවකයන් 76කට කොරෝනා වෛරසය සෑදී ඇති බව සොය ගත් මේ අවස්තාව දක්වා රජයේ මාධ්‍ය මෙන්ම සමහර පිරිස්වල හැසිරීම පිලිබදව ඉතා කනගාටුවට පත්වෙමි. රජයේ මාධ්‍ය වල ප්‍රවෘත්ති බැලු කෙනෙකුට සිතෙන්නේ එම ඇගලුම් කම්හල් සේවිකාව හා ඇගේ දරුවා සමාජයට හිතමතා කොරෝනා බෝ කල මහා අපරාදකරුවන් ලෙසයි. එසේම තවත් පිරිසක් කොරෝනා සෑදුනු එම කාන්තාව වෛශ්‍යාවක් මට්ටමට දමා අදහස් ප්‍රකාශ කර තිබෙන ආකාරයද දක්නට ලැබුනා. ඉතින් කියන්ඩ තියෙන්නේ මෙච්චරය, රටක් විදිහට අපි මෙහෙමවත් ඔලුව උස්සලා ඉන්නේ ආර්ථිකය මේ මට්ටමින්වත් තියෙන්නේ ඔය ඇගලුම් කර්මාන්තශාලා ටිකයි, පිටරට ගිහින් දුක් විදලා සල්ලී එවන මිනිස්සුයි නිසා, ඒ නිසා ඒ මිනිස්සු ගැන කතා කරනකොට ගෞරවයක් ඇතුව කතා කරන්න ඉගෙන ගත්තොත් මේ රට කවදා හෝ දියුණු රටක් කිරීමට පහසු වනු ඇත.