Diphtheria හෙවත් ගලපටලය
Diphtheria හෙවත් ගලපටලය
Corynebacterium diphtheriae කියන gram positive දණ්ඩාකාර ස්වායූ බැක්ටීරියා කාණ්ඩය මගින් ඇතිවන රෝගී තත්වයක් තමයි ඩිප්තීරියාව හෙවත් ගලපටලය කියන්නෙ. දැනට ශ්‍රී ලංකාව තුළ නම් නියමිත එන්නත්කරණ වැඩපිළිවෙළක් සහිත නිසා මේ රෝගය වාර්තා වෙන්නෙ නෑ.
සාමාන්‍යයෙන් මේ බැක්ටීරියාව පසෙහි වතුරෙහි වගේම ශාක මතුපිටත් ඉන්න පුලුවන්. ඒ වගේම මිනිස් සම හා ස්වසන පද්ධතියේ ඉහළ කොටස් වලත් ආහාර මාර්ග පද්ධතියේත් මෞත්‍ර ලිංගික පද්ධති ආශ්‍රිතවත් ඉන්න පුළුවන්.
ඩිප්තීරියාව ප්‍රධාන වශයෙන් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වගේම සමෙහි වුනත් ඇතිවෙන්න පුළුවන්. ඒ අනුව nasopharyngeal cutaneous and systemic කියල වර්ග කරන්න පුලුවන්.
බීජෞෂණ කාලය සාමාන්‍යයෙන් දින 2ත් 5ත් අතර අගයක තිබ්බත් එය දින 1 සිට 10 දක්වාම වෙනස් වෙන්න පුලුවන් ඒ අනුව මද උණ තත්වයක් උගුරේ වියළි වේදනාවක් බෙල්ලෙහි කුද්දැටි ඉදිමීමක් වගේ පෙන්නුම් කරන්න පුලුවන්. ප්‍රධානම ලක්ෂණය වෙන්නෙ අළු සුදු පාට ව්‍යාජ පටලයක් මගින් ග්‍රසනිකාවෙ නාසය ආශ්රිත කොටස ස්වරාලය හා tonsils හා පොඩි දිව ලෙස හදුන්වල තල්ලේ එල්ලෙන කොටස හා තල්ල යන කොටස් වැසී යාමක් දකින්න පුළුවන්. මේ පටලය සාමාන්‍යයෙන් දින 2ත් 3ත් අතර ඇතිවෙන්න ගන්නව. මේ නිසා වායු හුවමාරුව අවහිර වුනොත් නම් ඒක ඉතා බරපතල තත්වයක් වෙනව. මේ පටලයෙ තියෙන්නෙ මැරුණු බැක්ටීරියාවන් මැරුනු මිනිස් සෛල හා ප්‍රෝටීන කොටස්.ශ්වසන බිදිති කෙළ බිදිති මගින් මේ රෝගය ප්‍රධානවම පැතිරෙන්න පුළුවන්. බැක්ටීරියාව ඇතුළු වුනාට පස්සෙ ඉතා තදින් නාස් අපිච්ඡදය හා බැදෙනව ඊට පස්සෙ බහිර් විෂ නිදහස් කරල පටක විනාශ කිරීමක් කරන්න පුළුවන්. එතනින් එහාට වසා පද්ධතිය ආශ්‍රිතව වගේම රුධිරය මගින් මෙම විෂ දේහය පුරා බෙදාහරිනව.
ප්‍රධානම විෂ වර්ගය වෙන්නෙ ඩිප්තීරියා toxin කියන වර්ගය. මේකෙන් ආසාදිත පුද්ගලයාගෙ ප්‍රෝටීන සංස්ලේෂණය නවත්වනව. ඊට අමතරව dermo necrotic toxin හා hemolysin හා cord factor කියන විෂ වර්ග නිපදවනව.
මේ විෂ වර්ග නිසා හෘද පටක ආශ්රිත සංකූලතාවන් නිසා myocarditis පර්යන්ත ස්නායු ආශ්‍රිතව neuritis හා වකුගඩු ආශ්‍රිතව nephritis යන තත්වයන් ඇති වෙන්න පුලුවන්.
මේ පිංතූරයෙ තියෙන්නෙ අන්තර්ජාලයෙන් හම්බුනු ව්‍යාජ පටලයක පිංතූරයක්.
තවත් මේ වගේ ලිපියකින් හම්බෙමු.
වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක



👍👍👍👍👍
ReplyDeleteimportant Article
ReplyDeleteවැදගත් ලිපියක් ,තව තවත් මෙවැනි දෑ ඵල කරන ල්ර්ස යෝජනා කරනවා ,😷
ReplyDelete💯👌
ReplyDeleteGood article👌👍
ReplyDeleteබොහොම වැදගත් ලිපියක්.. 👍👍
ReplyDelete👍👍👍 maru
ReplyDeleteGood article 💪
ReplyDeleteA valuable blog. Keep it up.
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteBest one 🥂❤️
ReplyDeleteGood ❤
ReplyDeleteNiyamay 🤩🤩
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDelete👌👍👍👍
ReplyDeleteGood
ReplyDelete👍🔥🔥
ReplyDelete👌
ReplyDelete🔥🔥
ReplyDelete👍👍
ReplyDeleteGodak vedagath deyak
ReplyDeleteIssarahata thava lipi liyanna
Good work
ReplyDeleteGood article .💥
ReplyDelete