රටටම ආදර්ශයක් වූ එන්නත්කරණ වැඩසටහන
කොවිඩ් 19 හේතුවෙන් පැනනැගි ගැටළු සාර්ථකව ජයගැනීම මුලු මහත් ලෝකයටම අභියෝගයකි. නමුත් එවැනි අවස්ථා විරල වශයෙන් වුවද දැකගත හැකිය. මෙරට ක්‍රමවත් විධිමත් එන්නත්කරණ වැඩසටහන් කිහිපයක් පසුගිය දිනවල දක්නට ලැබිණි. ඒවා සම්බන්ධව තොරතුරු ප්‍රචලිත කිරීම කාලීන අවශ්යයතාවකි. මන්ද යත් පසුගිය දිනවල ගැටළුසහගත තත්වයන් ඇතිවූ එන්නත්කරණ වැඩසටහන් වලට මෙන්ම ඉදිරි දිනවල සිදු කෙරෙන එන්නත් වැඩසටහන් සඳහාද මනා ආදර්ශයක් එමගින් සැපයෙන නිසාවෙනි. මේ ඡායාරූප වල දැක්වෙන එන්නත්කරණ වැඩසටහන ඉකුත් දිනක පැවැත්වුණේ බත්තරමුල්ල සුධර්මාරාමයේදීය. ඊට පැමිණිය යුතු පිරිසට අදාළ ටෝකන ( Tokens ) පෙර දින ලබාදුන් අතර එහි පැමිණිය යුතු වේලාවද සඳහන් කර තිබිණි. ඒවා ලබාදීමේදී අදාළ පුද්ගලයින් එම ප්‍රදේශයේම පදිංචි පිරිසක්ද යන්න පිළිබඳව හොඳින් විමසා බලා ටෝකන ලබාදීම සිදු කෙරිණි.
නියමිත වේලාවටම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ක්‍රමානුකූලව ලිපිලේඛන කටයුතු හා එන්නත්කරණ කටයුතු සිදු කෙරිණි. එන්නත ලබාදීමෙන් පසු වෛද්‍යය උපදෙස් අනුව රැඳී සිටින්නට නියම කරන විනාඩි 20 ඇතුළත්ව සෑම අයෙකුටම පැය භාගයකට ආසන්න කාලයක් මිස දිගු කාලයක් පෝලිමේ රැඳී සිටින්නට සිදු නොවීය.
කිසිදු කලබලයක් හෝ ඝෝෂාකාරී බවක් තිබුණේ නැත. පන්සලක, රෝහලක පැවතිය යුතු නිශ්ෂබ්දතාව හොඳින් රැකී තිබිණි. වැසි දිනක් මධ්‍යයේ සිදු කෙරුණු වැඩසටහනක් වුවත් එම කාලගුණික බාධාව ජනතාවට බාධාවක් නොවන අයුරින් කටයුතු සංවිධාන කර තිබිණි.
එන්නත් වැඩසටහන සංවිධානය කළ හා කරගෙන යාමට උරදුන් සෞඛ්‍යය කාර්යය මණ්ඩලය මෙහි පැමිණි පිරිසගේ නොමද ප්‍රසාදයට ලක්විය. 492/බී බත්තරමුල්ල උතුර ග්‍රාමනිලධාරී සෝමරත්න ගමගේ මහතා විසින් කළ සම්බන්ධීකරණය ප්‍රශස්ථය. එන්නත්කරණ වැඩසටහන පුරාවටම කිසිදු පක්ෂ පාට භේදයක් නොසළකා මහජන නියෝජිතයෙක් ලෙස තමන් විසින් කළ යුතු හා නොකළ යුතු දේ හොඳින් වටහාගෙන අනවශ්‍යය ඇඟිලි ගැසීම් වලින් තොරව අවශ්‍යය සහයෝගය පමණක් ලබාදුන් පොදුජන පෙරමුණු කඩුවෙල පලාත්පාලන මන්ත්‍රී ශෂී පෙරේරා මහතාද මෙම වැඩපිළිවෙලේදී ලබාදුන්නේ අගනා ආදර්ශයකි.
ඇතැම් විට ප්‍රධාන පක්ෂ දෙකෙහි මහජන නියෝජිතයින් එකට සිටින ස්ථාන වල ගැටළුකාරී වාතාවරණයන් මතුවන අවස්ථා අප දැක ඇත. නමුත් එවැනි සිදුවීම් ඇතිකරන්නන්ටද අපූරු ආදර්ශයක් දෙමින් එන්නත්කරණ වැඩසටහන දින එම ස්ථානයට පැමිණි කඩුවෙල මහ නගර සභා විපක්ෂ මන්ත්‍රී රවි පෙරේරා මහතා කටයුතු කල ආකාරයද ප්‍රසාදයට ලක්විය.- වත්සලා දිසානායක -





This comment has been removed by the author.
ReplyDeleteසෑම ප්‍රදේශයකම මෙවන් විධිමත් වැඩ පිළිවෙලක් තිබිය යුතුයි
ReplyDeleteමේ පිළිවෙළ පවත්වාගතහොත් covid ජය ගන්නට හැකි වේවි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete