ගුරු වර්ජන අඛණ්ඩව ඉදිරියට - හෙට කඩුවෙලදීත්

 

ගුරු වර්ජන අඛණ්ඩව ඉදිරියට - හෙට කඩුවෙලදීත්


ජනාධිපති කාර්‍යාලය අසල පැවති උද්ඝෝෂණය 


වැටුප් ගැටලු විසඳන ලෙස ඉල්ලා සිටිමින් සංවිධාන කෙරෙන තවත් උද්ඝෝෂණයක්‌ හෙට පැවැත්වෙන බව එම උද්ඝෝෂණයේ සංවිධායක මණ්ඩල සාමාජික ලංකා ගුරු සංගමයේ කොළඹ දිස්ත්‍රික් කැඳවුම්කරු ලහිරු සම්පත් අමරවීර මහතා පවසයි.  එය පෙ.ව.10.00 ට කඩුවෙල මුනිදාස කුමාරතුංග විදුහල අබියසින් ආරම්භ වේ. මේ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ සාමාජික විදුහල්පතිවරු , ගුරුවරු ඇතුලු ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ තවත් ගුරු විදුහල්පතිවරු විශාල පිරිසක් එක්වීමට නියමිතයි. තම සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් හැකි සෑම ක්‍රමවේදයක්ම අනුගමනය කරමින් මේ සඳහා එක්වන ලෙසට වෘත්තීය සමිති  ගුරුවිදුහල්පතිවරු දැනුම්වත් කර තිබේ. ඉකුත් දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට හා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන ගුරු සංගම් දෙක සංවිධාන කල උද්ඝෝෂණයෙන් පසු රට පුරා විවිධ ප්‍රදේශ වල ගුරු,විදුහල්පති උද්ඝෝෂණ දියත් වෙමන් පවතී. වසර 24 ක් පුරා පැවති වැටුප් ගැටලුව අරගලයකින් තොරව විසඳා ගැනීමට නොහැකි පසුබිමක් ගොඩනැගී ඇත. ඇතැම් ප්‍රදේශ වල ගුරු විරෝධතාවන්ට දෙමාපිය සහාය ලැබෙන අවස්ථාද දක්නට ලැබෙන බව ද අමරවීර මහතා පෙන්වා දෙයි.

ලංකා ගුරු සංගමයේ
කොළ්ඹ දිස්ත්‍රික් කැදවුම්කරු
ලහිරු සම්පත් අමරවීර

-        W. ප්‍රියදර්ශනී -


















Comments

Post a Comment

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද