Posts

ප්‍රථම විවාද තරඟාවලියේදී බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහලට අනුශූරතාව

Image
කඩුවෙල මහ නගර සභාව හා ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලය එක්ව සංවිධාන කල " වාදීභ" අන්තර් පාසල් විවාද තරඟාවලියේ අනුශූරතාව දිනා ගැනීමට බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහල සමත් විය. එය එම පාසල මුහුණ දුන් ප්‍රථම විවාද තරඟාවලිය වේ. එම විදුහල ප්‍රථම වටයේදී මුනිදාස කුමාරතුංග, දෙවන වටයේදී සෝමාදේවී, අවසන් පූර්ව වටයේදී විද්‍යාලෝක යන විදුහල් පරාජය කරමින් අපරාජිතව අවසන් වටයට පැමිණියේය. එම තරඟ වල ශ්‍රී සුදර්ශන විදුහලට තියුණු තරඟයක් ලබා දීමට සෝමාදේවී විදුහල සමත් විය. වමේ සිට දකුණට උදාරා උත්පලා, ධනුෂ්ක පුෂ්පකුමාර ( නායක ) වත්සලා දිසානායක මිය. ( කණ්ඩායම භාර හා පුහුණු ගුරුතුමිය ) හිමායා දුලක්ෂි, රම්සා රිල්වාන්, අයෝනා උෂාණි තරඟාවලියේ හොඳම යෝජක කථික- රම්සා රිල්වාන්

“Funny boy” චිත්‍රපටය

Image
ඉ න්දියානු සහ කැනේඩියානු සිනමා අධ්‍යක්ෂකවරියක් වන දිපා මෙහෙතාගේ නවතම චිත්‍රපටය ලෙස 2020 වර්ශයේදි “ෆනි බෝයි” ( Funny boy ) චිත්‍රපටය තිරගත වීම ආරම්භ වේ . කැනේඩියානු සිනමා කෘතියක් ලෙස “ Funny boy” චිත්‍රපටය එළිදැක් වුවද මෙහි කතා පුවත ලාංකිය සන්දර්භයක් සහිතය . 1994 දි ෂ්‍යාම් සෙල්වදුරයි විසින් රචිත “Funny boy” නවකතාව ඇසුරින් දිපා මෙහෙතා මෙම චිත්‍රපටය නිශ්පාදනය කරන්නීය. එම නව කතාව සුගතපාල ද සිල්වා මහතා අතින් "අමුතු ඉලන්දාරියා" නමින් සිංහලයටද පරිවර්තනය විය. අති දක්ෂ සිනමා අධ්‍යක්ෂවරියක වන දිපා මෙහෙතා සාමාන්‍යෙන් ආන්දොලනාත්මක සිනමා අත්දැකිමක්   ප්‍රේක්ෂකයාට ගෙන දේ. බොහෝ විට සමාජ වාරණයට ලක්වන්නා වූ චිත්‍රපට මාතෘකා   ඇ තම සිනමාවට ඉතා සමබරව සුමටව ගෙන එයි. උදාහරණයක් ලෙස ඇය අධ්‍යක්ෂණය කරන " fire" චිත්‍රපටය ස්ත්‍රි සමලිංගික සබඳතාවක් පිළිබද වූ තේමාවක් ඉන්දිය ප්‍රේක්ෂකයා මත තබයි.දිපා මෙහෙතාට ඉන්දියාව අතහැර දමා යන්නට වන්නෙද මේ ප්‍රබල තේමාවන් නිසාමය. “Funny boy” චිත්‍රපටය ලාංකිය පදනමක් සහිත තේමාවක් මුලික කරගනි. එමෙන්ම එහිදි සමල...

"ඉන්න බැරිනම් අස් වෙලා යන්න" - KIU විශ්ව විද්‍යාල(බත්තරමුල්ල ) ඉහල කලමණාකාරීත්වය

Image
බත්තරමුල්ලේ පිහිටි KIU පුද්ගලික විශ්ව විද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් එහි සිසුන්ට බැන වදිමින් තර්ජනය කරන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ. මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන බහුතරයක් සිසුන් රජයේ ණය මුදල් යටතේ ඉගෙනුම ලබන අතර මේ හේතුවෙන් ම විශ්ව විද්‍යාලයේ කළමණාකාරිත්වය සිසුන් පීඩාවට පත් කරන බව ද වාර්තා වේ. එම වීඩියෝව පහතින්,  https://fb.watch/9gOsPlZ3lo/   වීඩියෝ පටය නරඹන්න මේ මත ක්ලික් කරන්න මේ සම්බන්දව සිසුවෙකුගේ අදහස්  “මා KIU (බත්තරමුල්ල) විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. මා මාගේ පුද්ගලික තොරතුරු කිසිවක් ඉදිරිපත් නොකරන්නේ මේ සම්බන්ධව කතා කරන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් KIU(බත්තරමුල්ල) විශ්ව විද්‍යාලයේ ඉහල කළමනාකාරිත්වය දැඩි විනයවිරෝධී ක්‍රියාමාර්ග ගන්නා බවටත් ශිෂ්‍යභාවය අහෝසි කරන බවටත් වාචිකව මෙන්ම ලිඛිතව දැනුවත් කර ඇති හෙයිනි. KIU විශ්ව විද්‍යාල(බත්තරමුල්ල ) ඉහල කලමණාකාරීත්වය විසින් පෙර දැනුදීමක් නොකර මීට දින කිහිපයකට පෙර හදිසියෙ සියලු කලමණාකර පීඨ සිසුන්ට පැවැත්වීමට තිබු මාර්ගගත විභාය ක්‍රමය අවලංගු කර මේ මස 17 වැනි දින සිට විශ්ව විද්‍යාලයට කැදවා විභාග පැවැත්වීමට තිරණය ක...

ආල ශුෂ්ක නොමැත

Image
  දෙනෙත් පියා නොසිට ආල කරන තරමට වශී වූ බව මසිත ඉගි කරයි දෙනෙත හුස්මක් පවා නොදැන දෙ අත් නොපැකිලිව පා සෙමෙන් ඇදෙන හද රිද්මයට  ගැහෙන පිනි බිංදු වැටෙන ලැම රිද්ම ගෙනෙන නුබ සමගැ යදින කාල අවකාශ නොමැත නුඹ දෙනෙත මත දියවි වැටෙන ලැම හරහා ඇදෙන ආල ශුෂ්ක නොමැත ✍️සුදේශ් අබේනායක 

ඉදිරියේදීත් දරුවන්ට අවශ්‍යය වුවහොත් online පහසුකම්..........

Image
 ඉදිරියේදීත් දරුවන්ට අවශ්‍යය වුවහොත් online පහසුකම් ලබා දෙන ලෙස, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට 6%ක්‌ වෙන් කරන ලෙස හා දරුවන් ගැන සිතා ගුරු ගැටළු විසඳන ලෙස ඉල්ලමින් අද දීප ව්‍යාප්තව පාසල් ඉදිරිපිට දෙමාපිය උද්ඝෝෂණ පැවැත්විණි. මේ බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහල ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේ දසුන් කිහිපයකි.

කඩුවෙල ගුරු උද්ඝෝෂණය

Image
 කඩුවෙල ගුරු උද්ඝෝෂණය   වැටුප් ගැටලු විසඳන ලෙස ඉල්ලා සිටිමින් ඊයේ (ජූලි 30) කඩුවෙල නගරයේ සංවිධාන කර තිබූ ගුරු උද්ඝෝෂණය  අවසන් වෙයි. එය ඊයේ පෙරවරුවේ මුනිදාස කුමාරතුංග විදුහල අබියසින් ආරම්භ විය. මේ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක ශ්‍රී ජයවර්ධනපුර  අධ්‍යාපන කලාපයේ සාමාජික විදුහල්පතිවරු , ගුරුවරු ඇතුලු තවත් ගුරු විදුහල්පතිවරු විශාල පිරිසක් එක්වූහ.  මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ සාකච්ඡා ක්‍රමය ප්‍රතික්ෂේප නොකරන බවත් නමුත් ඊට සමගාමීව මෙවැනි විරෝධතා ව්‍යාපාරයන්ද අඛණ්ඩව ගෙන යන බවත්ය.   ලංකා ගුරු සංගමයේ මධ්‍ය විධායක සභික කමල් විතාන, ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර, ස්වාධීන ලංකා ගුරු සංගමයේ සභාපති පුංචිහෙට්ටි යන මහත්වරුන් දිගු කලක් ඇදී ආ ගුරු වැටුප් ගැටලුව කඩිනමින් විසඳිය යුතුම බව ප්‍රකාශ කලහ. මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන්ට ඇති ගැටලු කඩිනමින් විසඳීමේ අවශ්‍යතාවද මොවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. W. ප්‍රියදර්ශනී -

ගුරු වර්ජන අඛණ්ඩව ඉදිරියට - හෙට කඩුවෙලදීත්

Image
  ගුරු වර්ජන අඛණ්ඩව ඉදිරියට - හෙට කඩුවෙලදීත් ජනාධිපති කාර්‍යාලය අසල පැවති උද්ඝෝෂණය  වැටුප් ගැටලු විසඳන ලෙස ඉල්ලා සිටිමින් සංවිධාන කෙරෙන තවත් උද්ඝෝෂණයක්‌ හෙට පැවැත්වෙන බව එම උද්ඝෝෂණයේ සංවිධායක මණ්ඩල සාමාජික ලංකා ගුරු සංගමයේ කොළඹ දිස්ත්‍රික් කැඳවුම්කරු ලහිරු සම්පත් අමරවීර මහතා පවසයි.   එය පෙ.ව.10.00 ට කඩුවෙල මුනිදාස කුමාරතුංග විදුහල අබියසින් ආරම්භ වේ. මේ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ සාමාජික විදුහල්පතිවරු , ගුරුවරු ඇතුලු ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ තවත් ගුරු විදුහල්පතිවරු විශාල පිරිසක් එක්වීමට නියමිතයි. තම සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් හැකි සෑම ක්‍රමවේදයක්ම අනුගමනය කරමින් මේ සඳහා එක්වන ලෙසට වෘත්තීය සමිති   ගුරුවිදුහල්පතිවරු දැනුම්වත් කර තිබේ. ඉකුත් දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට හා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන ගුරු සංගම් දෙක සංවිධාන කල උද්ඝෝෂණයෙන් පසු රට පුරා විවිධ ප්‍රදේශ වල ගුරු,විදුහල්පති උද්ඝෝෂණ දියත් වෙමන් පවතී. වසර 24 ක් පුරා පැවති වැටුප් ගැටලුව අරගලයකින් තොරව විසඳා ගැනීමට නොහැකි පසුබිමක් ගොඩනැගී ඇත. ඇතැම...