“Funny boy” චිත්‍රපටය


න්දියානු සහ කැනේඩියානු සිනමා අධ්‍යක්ෂකවරියක් වන දිපා මෙහෙතාගේ නවතම චිත්‍රපටය ලෙස 2020 වර්ශයේදි “ෆනි බෝයි” (Funny boy) චිත්‍රපටය තිරගත වීම ආරම්භ වේ. කැනේඩියානු සිනමා කෘතියක් ලෙස “Funny boy” චිත්‍රපටය එළිදැක් වුවද මෙහි කතා පුවත ලාංකිය සන්දර්භයක් සහිතය . 1994 දි ෂ්‍යාම් සෙල්වදුරයි විසින් රචිත “Funny boy” නවකතාව ඇසුරින් දිපා මෙහෙතා මෙම චිත්‍රපටය නිශ්පාදනය කරන්නීය. එම නව කතාව සුගතපාල ද සිල්වා මහතා අතින් "අමුතු ඉලන්දාරියා" නමින් සිංහලයටද පරිවර්තනය විය. අති දක්ෂ සිනමා අධ්‍යක්ෂවරියක වන දිපා මෙහෙතා සාමාන්‍යෙන් ආන්දොලනාත්මක සිනමා අත්දැකිමක්  ප්‍රේක්ෂකයාට ගෙන දේ. බොහෝ විට සමාජ වාරණයට ලක්වන්නා වූ චිත්‍රපට මාතෘකා  ඇ තම සිනමාවට ඉතා සමබරව සුමටව ගෙන එයි. උදාහරණයක් ලෙස ඇය අධ්‍යක්ෂණය කරන "fire" චිත්‍රපටය ස්ත්‍රි සමලිංගික සබඳතාවක් පිළිබද වූ තේමාවක් ඉන්දිය ප්‍රේක්ෂකයා මත තබයි.දිපා මෙහෙතාට ඉන්දියාව අතහැර දමා යන්නට වන්නෙද මේ ප්‍රබල තේමාවන් නිසාමය.

“Funny boy” චිත්‍රපටය ලාංකිය පදනමක් සහිත තේමාවක් මුලික කරගනි. එමෙන්ම එහිදි සමලිංගික ප්‍රේමය , එනම් සමාජය තුල ආන්තිකරණය වූ මාතෘකාවක් පිළිබද  සුවිශේෂී වශයෙන් සාකච්ඡා වේ. 1974-1983 ජූලි කලබලය වැනි සිවිල් යුධමය සමයක් නියෝජනය කරන මෙහි තේමාව තුල චරිත ගොඩ නගන ආකාරය අති විශිෂ්ඨ ය.

ෂ්‍යාම් ගේ නවකතාවේ රසයට කිසිදු හානියක් නොකරමින් ඉතා ප්‍රවේශමෙන් හා ඉතාමත් සාර්තකව නිමැවුණු චිත්‍රපටයක් ලෙස funny boy” චිත්‍රපටය පෙන්වා දිය හැකිය.

“Funny boy” චිත්‍රපටය “Canadian screen awards 2021" චිත්‍රපට උළෙලේ හොදම අධ්‍යක්ෂණය ඇතුලු සම්මාන කිහිපයක් හිමි කරගන්නා අතර කැනේඩියානු චිත්‍රපටයක් ලෙස 2021 ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරමින් හොදම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටයට හිමි සම්මානයද දිනා ගන්නා ලදි. එයින්ම මෙම චිත්‍රපටයේ සුවිශේෂී බව පැහැදිලි වේ.

චිත්‍රපටය ගොඩ නගා ඇත්තේ ආර්ජි සෙල්වරත්නම් නම් තරුණයා තම කුඩාකල සිට තරුණයකු බවට පත්වීමේ කතාව පදනම්වය.ආර්ජි වැඩිවියට පත් විමෙදි ඔහුගේ ලිංගික අනන්‍යතාවය සොයා යැමත්, ඔහුගේ ජිවිතය හා බැදි සමලිංගිකත්වය  සංස්කෘතිය හා එකල තිබු දමිළ සිංහල සිවිල් යුද්ධය පසුබිම්ව මෙහි කතාව ගොඩ නැගේ.  

මෙම චිත්‍රපටය  මගින් ස්ත්‍රි පුරුෂ සමාජභාවී දෘශ්ටිකොණයකින් විග්‍රහ කරන කල්හි මෙහි එන චරිත විශ්ලේෂණය  ඉතා වැදගත් වේ.

චිත්‍රපටයේ චරිත නිරුපණය හා සිද්ධි ගලා යාම විමසිමේදි චිත්‍රපටය පුරාවටම මේ ඒකාකෘතින් පෙන්වාදිමත් මිනිස් ජිවිත එවා තුල සිරවී තිබෙන සැටිත් මනාව පෙන්වා දි ඇත.

ඒකාකෘති අදහස පිළිබද විවිධ මානයන්ගෙන් විමසිය හැකිය. එහිදි ස්ත්‍රිපුරුෂ සමාජභාවී එකාකෘතිකරණය විමසිමේදි ස්ත්‍රි පුරුෂ ලිංගිකත්වය මත පදනම්ව සමාජය,සංස්කෘතිය ,සම්ප්‍රදාය හෝ පරම්පරාව විසින් තිරණය කරන ලද චර්‍යාවන් කාර්‍යන් හෝ වගකීම් සම්මත සංකල්පයන් හා චිත්තරූපයන් ස්ත්‍රි පුරුෂ ඒකාකෘති ලෙස අර්ථ දැක්විය හැකි වේ. පුරුෂයා සිටිය යුත්තේ මෙලෙසය ස්ත්‍රිය සිටිය යුත්තේ මෙලෙස යැයි රාමු ගත කිරීම තූල ස්ත්‍රිය හා පුරුෂයා විශාල සිරවීමකට ලක්වී ඇති බව සාමාන්‍ය  සමාජය තූල ද දක්නට ලැබේ- . මෙහෙදී ස්ත්‍රිය හා පුරුෂයා ලෙස වෙන් ව වැඩ පැවරීම යන සංකල්පයද විමසීම වැදගත් ය එහිදී හුදෙක්ම ස්ත්‍රි පුරුෂ ලිංගිකත්වය මත පදනම්ව සමාජය හා සම්ප්‍රදාය හෝ පරම්පරාව විසින් තිරණය කරන ලද චර්යාවන් වගකීම් ස්ත්‍රි පුරුෂ භූමිකාවක් ලෙස ඉදිරියට පැවත ඇත . සමස්තයක් වශයෙන් මේ සියලු එකාකෘතින් සංස්කෘතිය විසින් ගොඩනංවා ඇති බව වටහා ගත හැකිය . ස්ත්‍රි පුරුෂ සමාජභාවය සංස්කෘතික ගොඩනැංවිමක් බව ජුඩිත් බට්ලර් “Gender trouble” නම් කෘතියේ දක්වයි.

 කූඩා ළමුන් කූඩා වියේදී ඉගෙන ගන්නා දේ අනුව ඔවුන් වැඩිහිටි විය දක්වා සමාජනුයෝජනය වේ. මෙබහ “funny boy” චිත්‍රපටය විමසිමෙදී  ආර්ජිගේ කූඩාකාලය ගෙවීගිය ආකාරය දෙස බැලීමේදී විශේෂයෙන් තම පවුල් පරිසරය තූලින් ආර්ජි ට පිරිමි ළමයෙකූ ලෙස හැසිරීමට පවා උගන්වන අවවාද කරන ආකාරය හදුනා ගත හැකි වේ.

ක්‍රිකට් යනු පිරිමින් විසින් ක්‍රිඩා කරන ක්‍රිඩාවක් යැයි කියයි . එයට මහත්වරුන්ගේ ක්‍රිඩාව යැයි අන්වර්ථ කරන්නේද එබැවනි.  ආර්ජිගේ මව වන නාලනි චිත්‍රපටය එක් අවස්ථාවක ආර්ජිට ක්‍රිකට් ගැසීම සදහා යන්න යැයි පවසයි . නමුත් ආර්ජිට ක්‍රිකට් ගැසීමට උවමනා නැත. ඔහු ක්‍රිකට් සදහා කැමති නැත.

එම අවස්තාවන් ප්‍රකාශිත දෙබස් වලින් ආර්ජි කොතරම් අපහසුතාවයට පත් වන්නේ දැයි මනාව වැටහේ. ඔහුගේ සිත අකමැති නමුත් සමාජය විසින්  ඔහු වෙත එවා පැවරීමට ගන්නා උත්සාහය කොතරම් ළමා මනස දුෂ්‍යවන්නට බලපාන්නේද?

ආර්ජිට ක්‍රිකට් කණ්ඩායමට යන ලෙස නාලනි අණ කරන මොහොත

Nalani –    I want you to include your brother on the cricket team.

Diggy –     Ah come on Amma

Arji –       I hate cricket!

Nalani -    It’s good for you

Diggy –    Arji’s useless! We’ll never win if he’s on our team!

Nalani –   An order, Diggy

Arji -       please Amma please! Why do I have to play with the boys?

Nalani -   because the sky is so high and Diggy can’t fly, that’s why.

Arji –       I won’t play with the boys ever!              

 

ස්ත්‍රිය හා පුරුෂයා යන ඒකාකෘතික අදහසට බොහෝ පිටින් මෙහි එන ආර්ජි චරිතය ගෙන එන බව පෙනේ . එනම් ආර්ජි ලිංගිකත්වය අනුව පුරුෂයකු වුවද ඔහු පුරුෂයාට හිමි වී ඇති සමාජීයභාවය තුළ රග දැක්වීමට අකමැති විය. කුඩාකාලයේ සිටම එසේමය.  චිත්‍රපට ආරම්භයේදීම පැරණි දමිළ ගීතයක් ගායනා කරමින් ආර්ජි  සහ ඔහුගේ සහෝදරිය ඇතුළු ගැහැණු ලමුන් ළමුන් පිරිසක් දිව එනු  පෙන්වයි. එහිදී ඔවුන් විවාහය රග දක්වනු ලැබිණි. මෙහි හොඳම  කරුණ වන්නේ මෙහි මනාලිය වන්නේ  ආර්ජිය.  ආර්ජි රතු පැහැ  සාරියක් ඇද සිටි. එහිදී ළමුන් අතර ඇතිවන ගැටුම තුළ විවාහය තුළ බන්ධනීය වන ඒකාකෘතික අදහස් මනාව මතුවේ .

Meena – hey, I want to be the bride

Sonali – you can’t. arjie’s the bestest bride of all

Meena – but he is not even a girl! , a bride is a girl . not a boy

A boy cannot be a bride.

A girl must be the bride.

Sonali – if you can’t play properly, jest go away we don’t need you you fatty! Your fat so….


විදේශගතව සිට පැමිණෙන මීනා පවසන අන්දමට  විවාහයේදී මනාලිය විය යුත්තේ ගැහැනු කෙනෙකි.

“But he is Not even a girl…..” යන කියමනක් එය මනාව වැටහේ .

කුඩා දරුවා තුළ වැඩිහිටියන් මවා ඇති ස්ත්‍රී පුරුෂ භූමිකා මෙලෙස කුඩා ළමුන් තුළින්ම මතු වන ආකාරය අපට වර්තමානයේ දී ද වුව ද දැකගත හැකිය .

ආර්ජිගේ චරිතය ව්‍යුහගත වූ සමාජයට මහත් පහරකි. ඔහු සමාජ සීමා බිඳ දමමින් ඔහුගේම  මානයන් වෙත පිවිසීමට හැකි තරම් වාසනා විනි . ඔහුගේ පවුල් පරිසරය එක්තරා අයුරකින් එයට පසුබිම් සකසන බව නොඅනුමානය. ආර්ජිගේ කුඩා කාලයේදී තම නැන්දා වන රාධා සමග නාට්‍යයක් සඳහා සහභාගි වී වේ. එහිදී ඔහුගේ පියාගේ විරුද්ධත්වය මත මවගේ කැමැත්ත මත ඔහුට රාධා සමග එම නාට්‍ය සඳහා රග දැක්වීමට යැමට අවසර ලැබේ. මෙහිදී දිනක් ආර්ජි නටමින් ආලින්දයේ සිට නිවසට පැමිණෙන අවස්ථාවේ දී ඔහුගේ පියා ඉහළ මාලයේ සිට ඔහුට පැමිණීමට කියයි. එහිදී   පුරුෂාධිපත්‍යයේ  ඉහළම  අවස්ථාව පවුල මත ක්‍රියා කරන ආකාරය අපට දැකගත හැකිය. ඉහල මාලයට කැදවන ආර්ජිට පිරිමියෙකු නම් කළ යුත්තේ කුමක් දැයි චෙල්වා  වන ඔහුගේ පියා ආර්ජිට උපදෙස් ලබාදේ. නමුත් ආර්ජිගේ හිතට එකග නොවන මේ ව්‍යුහයේ ඔහු තුළ මහත් ප්‍රශ්නකාරී  දෙයක් වන්නට විය.

Chelva -    Why are you dancing around like that?  Those are girly things.

Arji -   But  I don’t understand why are girls things bad?  Are you saying they’re bad when girls        do them too?

Chelva - Arjie ,of course not .  only when boys do them

Arji -     But how can they suddenly become bad because boys are doing them? What about meena? She plays cricket with boys . no one says that’s bad

Chelva -    Just truset me on this Arjie

Arji -    And  why does everyone say I’m funny.  What does that mean?

Chelva -   Well funny means…  A bad man orre a bad man who does bad things.

Arji -    Am I a bad man?

Chelva -    Of course not, But you could be a bad man.   That’s why I tell you to play with the boys understand?

Arji -    But, Appa I hate cricket ,I hate cowboys How can doing something that I hate make me god?


 Chelva - That’s Just how it’s

 

සත්‍යයෙන්ම ආර්ජී තමන්ගේම කුඩා සිතේ අරගලය තම පියා ඉදිරියේ තබයි. දෙමළ වංශවත් පවුල් පරිසරයක් තිබුණද, යම් තරමක සමාජ පසුබිමක් ඔහුන් සතුව තිබුණද ඔවුන් පවත්වාගෙන යන සමාජ ව්‍යුහයෙන් ඔවුනට ගැලවීමට නොහැකි වී තිබේ.  නමුදු  ආර්ජී යනු මේ ව්‍යුහය කඩා බිද දමා යන්නට සූදානම්  වන්නෙකි. මෙහිදී ආර්ජිගෙ මව වන නාලනී ගේ චරිතය විශ්ලේෂණය ද වැදගත් වේ .ඉහත අවස්ථාවේ  නාලනි චෙල්වාගේ පිටුපසින් සිටගෙන සිටී. ඇය ආර්ජී වෙනුවෙන් කිසිවක් නොකියයි . ඇය ඔහු වෙනුවෙන් ඉදිරිපත් නොවේ. එයයි පුරුෂාධිපත්‍ය සතු නිවසක පසුබිම .

මීට පෙර කාලයේ ආර්ජි  වෙනුවෙන් ඈ ඉදිරිපත් වුණ ද ඒ හැම විටම චෙල්වාගේ  පිය භූමිකාව ඉදිරියේ නාලනි යටපත් වී සිටියා ය. මේ ප්‍රශ්න කිරීම් ඉදිරියේ ද නාලනී පිය භූමිකාවට ඉඩ දී තම භූමිකාව නියැලි   සිටින බව පෙනී යයි. මෙය පෙර කී ආකාරයේ සමාජය විසින් පැවරූ ස්ත්‍රී පුරුෂ භූමිකා රඟ දක්වන ආකාරය පැහැදිලි කරයි.

 

ආර්ජීගෙන් චෙල්වා සෘජුව ප්‍රශ්න කරනුයේ ඇයි ඔයා ඒ විදිහට නැටුවේ. ඒක  ගැහැණු  ලමයින්ගෙ දෙයක්යනුවෙනි. චෙල්වාට අනුව ගැහැණු ළමුන් කරන දේ පිරිමි ළමුන්ට  අකැපය. එයින් චෙල්වාගේ  ගතානුගතික සිතුවිලි නැවත නැවත චිත්‍රපටය පුරාවට පැන නැගේ . කෙසේ වෙතත්  සමාජ පසුබිම නිසා ආර්ජිට  වෙනත් සමාජයීය පියවරුන්ගේ  මෙන් චෙල්වා අතින් විශාල හානියක් ආර්ජිට සිදු නොවේ. නමුත් මෙහිදී ආර්ජීගේ අදහස් සිතුවිලි වලට මෙයැයි නිවැරදි යැයි ආකෘතිගත කිරීම සාධාරණියකරණය කළ නොහැකිය.

ස්ත්‍රි - පුරුෂ සමාජභාවය පිළිබඳ අදහසයේදී බොහෝ විට සමාජය විසින් පිරිමියාගේ ශක්තිය අගය කරන අතර ස්ත්‍රියගේ  ශක්තියට අවමන් කරමින් පහතට දමමින් සිටින බව පෙන්වා දිය හැකිය. දිපා මෙහෙතා ස්ත්‍රියකි. සැබැවින්ම බොහෝ චිත්‍රපටවල අප දකින පුරුෂ බැල්ම මෙහිදී යම් තරමකින් දිපා මෙහෙතා උඩු යටිකුරු කිරීමට සමත්ව ඇත. චිත්‍රපටියේ කැමරාවට හසුකරන්නා රුප රාමු මගින් එය මනාව පැහැදිලි වේ.  විශේෂයෙන්ම පුරුෂ ශරිරයක් ස්ත්‍රියත් දක්නට කැමති වන්නේ කෙසේද ?  ස්ත්‍රියගේ දෑස පිනවන සේ චිත්‍රපටිය ගොඩනගා ඇත. නමුත් දිපා මෙහෙතා මෙහිදී පුරුෂ බැල්ම රාධා තුළ ගොඩනගන බව අමතක  නොකළ යුතු ය.  රාධා සුරූපී තරුණියක ආර්ජීගෙ නැන්දා වන රාධා  චිත්‍රපටයට අමුතු ආලෝකයක් ගෙන දෙන බව කිව යුතුය. රාධා තම සිරමැදිරියෙන් ගැලවී අනිල් නම් සිංහල තරුණයා සමග ආදර සබඳතාවයක් ඇරඹුව ද සමාජය නැවත රාධා සිර කුටියට ඇද දැමීම සදහා හේතු  සාදමින් සිටි බව රාධා නොදැන  සිටියා ය. ජාතිය නිසා ආදරය නැමැති මාලිගයෙන් රාධාට පැනයන්ට  නොව පැහැර ගැනීමකට ලක් වන්නා සේ ඇයට කැනඩාවේ සිට එන  යොජිත පෙම්වතාට සරණ පාවා දේ. කාන්තාවට තමා කැමති පුරුෂයා සමග සිටීමට නොහැක්කේ මන්ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ සාකච්ඡා වන ස්ත්‍රියගේ ශක්තිය හීන කර , සමාජය පුරුෂ මූලික සමාජයක් ගොඩනැගීමට දරන උත්සහයන් වලට උදාහරණ ඕන තරම්  චිත්‍රපටිය තුල පෙන්වයි. රාධාගේ විවාහය ද එයට කදිම  උදාහරණයකි. රාධාගේ අදුරු වූ මුහුණ අවසානයේ දී  ප්‍රේක්ෂකයා ව ද ක්‍රමයෙන් ශෝකීභාවයට ගෙන යයි.



සමාජය සෑම විටම පුරුෂයාගේ ශක්තිය අගය කරවයි. ගැහැනියගේ ශක්තියට අවමන් කරයි .

සමාජ පිළිගැනීම් ගැන කතා කරන ජෝර්ජ් ටව්න් වෛද්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්ටල් රමේ (Dr Estalle Ramay - Prof. of Physiology and Biophysics at Georgetown University of Medicine) මැතිනිය "ඔබගේ නිවසට පැමිණෙන කෙනෙකු ඔබගේ දුව හරියට කොල්ලකු වගේ යයි කී විට ඔබ පෙන්වන ආඩම්බර කමම ඔබගේ පුතා හරියට කෙල්ලක වගේ යයි කී විට ඇති වන්නේ නැතැයි " ප්‍රකාශ කරයි. (You know I saw your daughter outside and she's a regular Tomby, You know I saw your son outside and he's a regular little Sisssy)  යනුවෙන් පවසා ඇත.

 එය සත්‍යයකි. චිත්‍රපටිය ආරම්භයේදිම එය සනාථ කරන සිදුවීමක් ඇත්තේය. ආර්ජිගේ සාරිය ඇද සෙල්ලම් කරමින් සිටියදී ඇතිවන රණ්ඩුවෙන් පසු ඔහු ආලින්දයේ සිටින තම දෙමව්පියන් වෙත දිව එයි. එහිදී නෑදෑයකු ආර්ජී ගැන චෙල්වාට  පහත ආකාරයට පවසයි .


“Chelva, looks like you have a “funny one” here.”

 

එය චෙල්වාට ඔරොත්තු දෙන්නේ නැත . චෙල්වා එකෙනෙහිම  නිවසට යෑම සඳහා සූදානම් වන ලෙස තම පවුලට අණ කරයි. ආර්ජිගෙ  හැසිරීම ගැන මෙලෙස කම්පා වන ඔහු තම දියණියගේ හැසිරීම පිළිබඳ කම්පා නොවන බව පෙනේ.එම අවස්ථාවේදී  ආර්ජිගෙ සොහොයුරිය පිරිමි ඇදුමක් ඇදගෙන සිටි. නමුත් චෙල්වාට එය ප්‍රශ්නකාරී නොවී ඇත. එමෙන්ම ආර්ජී විටෙක පහත ආකාරයේ ප්‍රශ්නයක් නැගිමෙදී  එයට එයටද ඔහුට පිළිතුරක් නොතිබිණි.  

“Arji -  But how can they suddenly become bad because boys are doing them? What about meena? She plays cricket with boys . no one says that’s bad”

සත්‍යයෙන්ම ආර්ජිගෙ චරිතය ඉතා ලාමක චරිත ලක්ෂණ පෙන්නුම් කරයි. එය පුරුෂයා ඒකාකෘතියකට ගෙන ගිය සමාජයට ඔබින හැසිරීමක් නොවේ. ආර්ජිගෙ බැට්ම්න්ටන් ගැසීම සියලුම දෙනාගේ විවේචනයට හේතු විය. මන්දයත් ඔහු  කැමති ඉතා සරල දේ කිරීමට ය. ඔහු මොලොක් ගති ලක්ෂණ පෙන්වයි. මෙහිදී සෑම ටම ආර්ජි තුළ පිරිමි ලක්ෂණ පෙන්නුම් නොකිරීම ප්‍රශ්නකාරී වුවද කාන්තාවගෙ ශක්තිය පෙන්වා ක්‍රියා  කිරීම  ප්‍රශ්නකාරී නොවන බව පෙනේ. එය  සමාජය  විසින් සාදාගත් පරිමිතියක් බව පෙනේ.


සමාජ මතය මෙන්ම සමාජයට අනුව ගැහැණුන් කරන දේ  පිරිමින් කිරීම වැරදිය. මේ නිසාම රාධාගේ සහ ආර්ජිගෙ “A Joyful secret” නම් රහස  හැගිම් බරව ප්‍රේක්ෂකයා වෙත දිපා ගෙන ඒමට සමත්වේ. සමාජය කරන්නට නියම කරන්නට ඇති දේට වඩා ආර්ජි සතුට වන්නේ තමා කැමති දේ කිරීමෙන් ය.

ඔහු  රූපලාවණ්‍ය කිරීමට  කැමතිය . ඔහු එයින් ආත්මිය සතුටක් ලබයි. රාධා සියල්ලන්ට හොරෙන් ආර්ජී වෙත එම සතුට ගෙන දීමට සමත් වේ .එනම් ආර්ජිගේ කකුලේ එක් නියපොත්තක් පාට  කිරීමෙන්ය. එය ලොවෙන්  සගවා ගැනීමට රාධා විසින් සෑම විටම මේස් දමන්න යැයි ආර්ජිට පවසයි.  එය “A Joyful secret” වශයෙන් දෙදෙනා හදුනා ගනී.

 සමාජයේ ව්‍යුහය සකස් කළ එකකි. ජෙගන් අත්අඩංගුවට පත්වීම  නාලනි තුළ  මහත් ශෝකයක් ගෙන දීමට කාරණා විනි. මෙහිදී නාලනී පොලිසියට යන්නෙ ජෙගන් නිදහස් කර ගෙන ඒමේ අදිටනි.  නමුත් ඇය එයින් අසමත් වේ.  එනමුදු ආර්ජිට ඔහුව බැලීමට අවස්ථාව හිමි වේ.  එම සිදුවීම තුළ ආර්ජි හා  නාලනි පොලිසිය තුළට රැගෙන යාමේදී එක් ස්ථානයක් පසු කළ විට එම  ස්ථානයෙ  ඉදිරි කොටස තුලට යාමට  නාලනිට නොහැකි විය .මන්ද යත් ඇය කාන්තාවක් වීම නිසාය. සමාජය විසින් කාන්තාවට සීමා පනවා ඇති බව මෙයින් වැටහේ.  කාන්තාවට  හෝ පුරුෂයාට එලෙස සීමා මායිම් සකස් කරනුයේ කවුරුන් විසින්ද? මෙය සමාජය ඒකාකෘතියකට  හසුවී.ඇති බව නිසැකය.  ස්ත්‍රී  පුරුෂ  සමාජ භාවය අනුව වෙනත් ආකාරයකට සැලකීමකට ස්ත්‍රිය හා පුරුෂයා ලක්වීම චිත්‍රපටය පුරාවටම  මෙලෙස දක්වා ඇත්තේය.

චරිත විශ්ලේෂණයේ දී  සමාජය විසින් අපේක්ෂා කරන පුරුෂ ගතිලක්ෂණ සහිත ඩිගිගේ චරිත දැකිය හැකිය. පහත ආකාරයට ඩිගි සහ ආර්ජිගෙ චරිතය  විස්තර කළ හැකිය.

ඩිගි යනු ආර්ජිගෙ සහෝදරයාය ඔහු බොහෝ විට ඒකීයවාදී චරිතයකි. ඔහු තාර්කික වන අතර විශ්ලේෂණකාරීය. විශේෂයෙන්ම අධික කෝපය හා ඉක්මනින්ම ආවේගශීලී වීම ඩිගි තුළ දක්නට ලැබේ. මෙය පුරුෂ ලක්ෂණ යැයි සමාජය අපේක්ෂා කරන ආකෘතියයි. නමුත් ආර්ජිගේ චරිතය ඩිගිට  සාපේක්ෂව බලන කල පුරුෂයාගේ අපේක්ෂා කරන ගති ලක්ෂණ පෙන්නුම් නොකරයි. එනම් ආර්ජි ලාමකය හැඟීම්බරය බොහෝවිට බහුවිධ චරිත ලක්ෂණ මෙන්ම  ඉවසීම වැනි ගුණාංග ආර්ජි තුළ පෙන්නුම් කරයි. මේ තුළ දිපා මේ  චරිත දෙකේ ගොඩනැගීම තුළ සමාජය විසින්  ස්ත්‍රියට හා  පුරුෂයාට ලබා දෙන ස්ථාන පිළිබඳ  ඉඟි සපයයි.

ඩිගිගේ චරිතයේ පුරුෂාත්මක බව සහ පුරුෂයකු යැයි පැවසීමට කරන ක්‍රියා ද චිත්‍රපටය තුළ සාධාරණීකරණය කරන අවස්ථා අපට පෙනේ .එනම් එක් අවස්ථාවක ඩිගි දුම්වැටියක් පානය කරමින් සිටියදී මව මෙන්ම ජෙගන් එය දකින්නේ ය. නමුදු ඔවුන් එය නොසලකා හරින බව පෙනේ. මන්දයත් සමාජයට අනුව එය පුරුෂයකු තුළ දක්නට හැකි දෙයකි.

මේ ආකාරයට චිත්‍රපටය පුරාවටම ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ ගෙන එන සංකල්පයක් සාකච්ඡා කළ හැකිය. මෙහිදි ස්ත්‍රියට හා පුරුෂයාගේ හැසිරිම හුදෙක් හැඩ ගැස්විමක්ම පමණක් බව පෙනේ.

ලිංගිකත්ව භූමිකා සැලැස්ම (Sex Role Plan) ජෛව විද්‍යාත්මක ව්‍යුහයකින් (Biological Structure) බිඳී එන්නේ නම් අද පවතින ආකාරයේ වෙනස් සැලැස්මවල් අපට දැක ගැනීමට නො පිළිවන. "

Funny boy trailer
එමෙන්ම  එඩ්වඩ් විල්සන් ගේ මතයට අනුව ශිෂ්ඨාචාරයෙන් බැහැර ව බලන විට කාන්තාව හා පුරුෂයා අතර බරපතල වෙනසක් ද නැත.පුරුෂයා අතර හා කාන්තාව අතර සැබෑ වෙනසක් සත්‍ය  වශයෙන්ම නොමැත.  එය ගොඩනැඟුවේ  කවුරුන්ද . එය  සත්තකින්ම සංස්කෘතිය විසින් ගොඩනංවන ලද කාරණාවකි.

දීපා මෙහෙතා මේ කාරණා සියල්ල ඉතා සුක්ෂමව තම චිත්‍රපටය තුල රුපයට නගයි. සමරිසි සන්දර්භයක් චිත්‍රපටය තුල ගෙන ආවද ඉතා පරික්ෂාකාරී ලෙස දීපා මෙහිදි ස්ත්‍රි-පුරුෂ සමාජභාවී කාරණාව ගෙන එයි.

copyright-SUDESH ABEYNAYAKA

Comments

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද