කඩුවෙල ගුරු උද්ඝෝෂණය
කඩුවෙල ගුරු උද්ඝෝෂණය
වැටුප් ගැටලු විසඳන ලෙස ඉල්ලා සිටිමින් ඊයේ (ජූලි 30) කඩුවෙල නගරයේ සංවිධාන කර තිබූ ගුරු උද්ඝෝෂණය අවසන් වෙයි. එය ඊයේ පෙරවරුවේ මුනිදාස කුමාරතුංග විදුහල අබියසින් ආරම්භ විය. මේ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ සාමාජික විදුහල්පතිවරු , ගුරුවරු ඇතුලු තවත් ගුරු විදුහල්පතිවරු විශාල පිරිසක් එක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ සාකච්ඡා ක්‍රමය ප්‍රතික්ෂේප නොකරන බවත් නමුත් ඊට සමගාමීව මෙවැනි විරෝධතා ව්‍යාපාරයන්ද අඛණ්ඩව ගෙන යන බවත්ය.
ලංකා ගුරු සංගමයේ මධ්‍ය විධායක සභික කමල් විතාන, ඒකාබද්ධ ගුරුසේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර, ස්වාධීන ලංකා ගුරු සංගමයේ සභාපති පුංචිහෙට්ටි යන මහත්වරුන් දිගු කලක් ඇදී ආ ගුරු වැටුප් ගැටලුව කඩිනමින් විසඳිය යුතුම බව ප්‍රකාශ කලහ. මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන්ට ඇති ගැටලු කඩිනමින් විසඳීමේ අවශ්‍යතාවද මොවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
W. ප්‍රියදර්ශනී -



Comments
Post a Comment