පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?
පියයුරු පිළිකා
(Breast Carcinoma)
පියයුරු පිළිකා යනු
පාලනයකින් තොරව සෛල බෙදීම නිසා පියයුරු
වල ඇති වන අසාමාන්‍ය වර්ධනයකි. මෙම පිළිකා සෛල පියයුර ආසන්න ප්‍රදේශයටත්, ශරිරයේ වෙනත් අවයවවලටත් පැතිර යාමේ ප්‍රවණතාවයක්
ඇත. එසේ පැතිර යන්නේ වසා නාළ හා රුධිර නාළ තුළිනි.
පියයුරු පිළිකා කාන්තාවන් අතර ඇති වන
බහුලම පිළිකා
වර්ගයකි. ලොව පුරා පිළිකා නිසා සිදු වන
මරණ අතරින්, පියයුරු පිළිකා දෙවන ස්ථානය ගනී. සාමාන්‍යයෙන් කාන්තාවන් නම දෙනෙකුගෙන්
එක් අයෙකුට තම ජීවිත කාලය තුළදී පියයුරු පිළිකාවක් ඇති වීමේ අවදානමක් ඇත.
පියයුරු පිළිකා අතරින්
1% ක් ඇති වන්නේ පුරුෂ පාර්ශ්වයටය.
පියයුරු පිළිකා සඳහා අවදානම් සාධක
• වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට
• වයස අවුරුදු 12ට පෙර වැඩිවියට පත්වී ආප්තවහරණය වයස අවුරුදු 50න් පසුව සිදුවීම.
• උපත්පාලන පෙති හෝ හෝමෝන ප්‍රතිකාර ක්‍රම
භාවිත කර තිබීම
• පළමු දරුවා වයස අවුරුදු 30 පසුවී
බිහි වීම දරුවන් නොලැබූ කාන්තාවන්ට
• ඥාතීන්ට පියයුරු, ගර්භාශ, ඩිම්බ කෝෂ
හෝ බඩවැල් ආශ්‍රිත
පිළිකා ඇති වී තිබීම
• තරබාරුකම, මේදය අධික මස් මාංස හෝ
වෙනත් තෙල් සහිත ආහාර නිතර පරිභෝජනය
• දුම්බීම හෝ මධ්‍යසාර පානය
පියයුරු පිළිකාවක් තිබේ දැයි සැක කරනු ලබන්නේ
- පියයුරේ ඇති වන ගැටිති (විශේෂයෙන්ම ඔසප් චක්‍රය සමග වෙනසක් සිදු නොවන)
- පියයුරේ හැඩයේ හෝ ප්‍රමාණයේ සිදු වන වෙනස් වීම්
- පියයුරේ සම මතුපිට ඇති වන වෙනස් කම් (හැසිරීම්, රතු පැහැ ගැන්වී දොඩම් ලෙල්ලක ආකාරයේ ඇති වන වෙනස් වීම්)
- තනපුඩුවල ඇති වන වෙනස් වීම් (ඇතුළට නෙරිම වැනි)
- තනපුඩුවෙන් ලේ හෝ වෙනත් ශ්‍රාවයක් පිට වීම
- කිහිල්ලේ ඇති වන වසා ගැටිතිවල ඉදිමුම
පියයුරු පිළිකාවක් ඇති බවට සැකයක්
ඇත්නම් කළ යුතු දෑ?
පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි හෝ
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දිවයින්නේ සෑම ප්‍රදේශයකම
පවත්වාගෙන යන සුවනාරී සායනයකට සහභාගී වීම මඟින් මූලික
රෝහලක ශික්ෂණ රෝහලක ශල්‍ය වෛද්‍ය සායනයට යොමු විය යුතුය
සායනයකට යොමු වීමෙන් පසු වෛද්‍යවරයා
ගනු ලබන පියවර
එම සායනයේදී වෛද්‍යවරයකු විසින් රෝග
ඉතිහාසය පිළිබඳ විමසා විධිමත් පියයුරු පරීක්ෂාවක් සිදු කරයි. ඉන් පසු පහත
පරීක්ෂණවලට ලක්කරනු
ඇත.
• "අල්ට්‍රාසවුන්ඩ්" ස්කෑන්
පරීක්‍ෂණය
• "මැමෝග්‍රැෆි" පරික්ෂාව
• FNAC (ගැටිත්තෙන් සෛල සාම්පලයක් ලබාගැනිම. මෙමඟින් පිළිකා සෛල තිබේ දැයි තහවුරු කරගත හැකිය.)
ඉන් පසු රෝගියා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු
වෙත යොමු කරනු ලැබේ. ඔහු විසින් රෝගියා සඳහා සුදුසු ප්‍රතිකාර ක්‍රමය තීරණය කරනු
ඇත. (ශල්‍යකර්ම,රසායන
චිකිත්සාව/Chemotherapy, විකිරණ චිකිත්සාව/Radiotherapy)
පියයුරු පිළිකා අවදානම වැළක්වීම සදහා ,
• දිනපතා ව්‍යායාමයේ යෙදීම තුළින් ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම
• මේදය අධික ආහාර නිතර පරිභෝජනයෙන්
වැළකීම
• එළවලු හා පලතුරු දිනපතා ආහාර වේලට
එක් කර ගැනීම
• දිනපතා වතුර ලීටර 2-3 අතර ප්‍රමාණයක් පානය කිරීම
• මත්පැන් හා දුම් පානයෙන් වැළකීම
• පියයුරුවලට වඩා හොඳ රුධිර සැපයුමක් ලැබෙන පරිදි ක්‍රමවත්ව සම්බාහනය කිරීම
• පියයුරේ යම් වෙනසක් ඇති වුව හොත් ඒ පිළිබඳව පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ
සුවනාරී සායන යෙන් උපදෙස් ලබාගැනීම




Great👌👌
ReplyDelete👍
ReplyDelete🙏❤️
DeleteGood 👍
ReplyDeleteGood
ReplyDelete🙏❤️
DeleteImportant article
ReplyDelete🙏❤️
Delete