බඩේ ගල් ද ?

ඔබ මම අනිවාර්යයෙන් අහල තියන වචනයක් තමා මගෙ බඩේ ගල් මූත්‍රාශෙ ගල් වගේ අපෙ ඇගෙ හැදෙන ගල් ගැන. ඉතින් පොඩ්ඩක් බලමු මේ බඩේ ගල් එහෙම නැත්තම් පිත්තාශෙ ගල් එන්නෙ කොහොමද කියල.

අපේ අක්මාව කියන්නෙ ගොඩක් දේවල් කඩන වගේම ගොඩක් දේවල් හදන තැනක් ඉතින් මේ අක්මාවෙදි අපි කන කොලෙස්ටරෝල් වල බිදවැටීම සිද්ද වෙනව. ඒකෙන් හදනව Lithocholic acid හා deoxycholic acid කියන සංයෝගයන්. ඒව තමයි අපි පිත කියල හදුන්වන්නෙ මේ පිත ඕනෙ වෙනව ආහාර මාර්ගයෙ තියන ලිපිඩ ආහාර තෛලෝදිකරණය කරන්න. ඒ කියන්නෙ ජීරණය පහසු කරන්න. ඉතින් මේ පිත අක්මාවෙන් කෙලින්ම ආහාර මාර්ගය නොදී පිත්තාශය කියන පොඩි මල්ලක් වැනි අවයවයක තැන්පත් කරනව. එතනදි වතුර අවශෝෂණය කරල පිත තවත් සාන්ද්‍ර කරනව. ඉතින් මේ පිත සාන්ද්‍ර වෙලා උපරිම උනොත් ලවණ අවක්ෂේප වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ගල් හැදෙන්න පුළුවන්.

මීට අමතරව කොලෙස්ටරෝල් අධික පුද්ගලයන්ගේ කොලෙස්ටරෝල් තැන්පත් වීම වැඩි වීමෙන්ද පිත්තාශයේ ගල් හදන්න පුළුවන්.

ඒ කියන්නෙ පිත්තාශයේ ගල් ප්‍රධාන ආකාර තුනක් තියනව පිත් ලවණ ගල්, කොලෙස්ටරෝල් ගල් හා මිශ්‍ර ගල් ලෙසට.

මීට අමතරව අක්මාවෙන් තමා අපේ වයසක රතු රුධිර සෛල බිදවැටෙන්නෙත්. ඉතින් දවස් 120ක ආයු කාලය ඉවර කරපු රක්තාණු හිමොග්ලොබින් නිදහස් කරල ඒ හිමොග්ලොබින් වල හීම් කොටසින් බිලිවර්ඩින් නම් කොළ පාට සංයෝගයත්, බිලිරුබින් නම් කහ පාට සංයෝගයත් පිළිවෙලින් හදනව. එතනදි හදන බිලිරුබින් conjugation කියන ක්‍රියාවලියට ලක්වෙනව අක්මාවෙදි glucuronic transferase කියන එන්සයිමය නිසා. ඉතින් මේ conjugated bilirubin කියන එක අර කලින් කියපු විදියටම පිත්තාශයටත් ඉන් පසු ආහාර මාර්ගයටත් එකතු වෙනව. එතකොට හදිසියේ හෝ ඉහත කිව්ව විදියට ගල් හැදිලා පහත රූපයේ පෙනෙන කොටස සිර වීමක් වුනොත් අපිට දකින්න පුලුවන් රූපයේ වගේ කහ පාට මනුස්සයෙක්. ඒකට හේතුව වෙන්නෙ මේ කියන කහ පාට conjugated bilirubin යන මාර්ගය සිර වුනාම නැවත රුධිරයටම එකතු වෙනව. ඉතින් රුධිරය ඔස්සේ ගිහින් ඇස් හා සම තුළ තැන්පත් වෙන්න ගන්නව. මේ තැන්පතු නිසා අපිට කහ වීමක් දකින්න පුළුවන්. මේ තත්වය අපි හදුන්වන්නෙ jaundice තත්වයක් විදියට.

තවත් ලිපියකින් හමුවෙමු. ගැටළු තියනවනම් අහන්න පුළුවන්.

වෛද්‍ය ශිෂ්‍ය ළහිරු රත්නායක.

Comments

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද