මුහුදු ගිය නාවිකයන්ට හැදුනු ලෙඩේ!
ඉස්සර කාලෙ ඉස්සර කාලෙ මුහුදු ගිය නාවිකයෝ මාස ගනන් හිටියෙ නැව් වල. ඉතින් මේ අයට එහෙම ඉද්දි එක විශේෂිත රෝගයකට මුහුණ දෙන්න උනා. ඒ අයගෙ විදුරුමසෙන් ලේ ගලන්න ගත්ත. සංදි වේදනාවක් එක්ක සමට යටින් ලේ පැල්ලම් මතු වුනා. ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු වුනා. අධික වෙහෙසක් හා දුර්වල කමක් දැනුනා. ඉතින් මේකට පිළියම් හොයන් යද්දි පලතුරු වලින් මේ තත්වය මගහැරෙන බව තේරුනා. මාස ගනන් නැව් වල ඉන්නකොට හොද නැවුම් පලතුරු හා එළවළු කන්න වෙන්නෙ නෑනෙ ඉතින් මේ ගැන වැඩි දුර පර්යේෂණ කරද්දි හොයාගත්ත මේ නැවුම් එළවළු පලතුරු වල තියෙන ඇස්කොබික් අම්ලය කියන පෝෂකයනැති කමින් එන ලෙඩක් කියල. ඒ කියන්නෙ Vitamin C.
විටමින් C එහෙම නැත්තම් ඇස්කොබික් අම්ලයේ සක්‍රීය අවස්ථාව වෙන්නෙ L-ascorbic acid හා L-dehydroascorbic acid. ඉතින් මේ කියන තරම් මේකෙ තියන වටිනාකම මොකක්ද,
- ප්‍රතිඔක්සිකාරක හැකියාව. ඒ කියන්නෙ අර මං ලිපිඩ ලිපි වල සදහන් කලේ රුධිර නාලවල ලිපිඩ තැන්පතු එන්න කලින් LDL ඔක්සිකරණය වෙනව කියල. ඉතින් එහෙම ඔක්සිකරණය වෙන එක වළක්වන්න පුළුවන් සංයෝග තමයි පතිඔක්සිකාරක කියන්නෙ.
- විෂ සංයෝගයන්ගේ විෂහරණය හා බැහැරකිරීමට.
- ස්නායු ආවේග සම්ප්‍රේෂණය සදහ අවශ්‍ය norepinephrine, epinephrine හා serotonin වැනි සංයෝග සාදන ප්‍රතික්‍රියා වල සහ එන්සයිමයක් ලෙසට ක්‍රියා කිරීම.
- කොලැජන් සංස්ලේෂණයට. එහිදී කොලැජන් තන්තු අතර හරස් බන්ධන සෑදීමට අවශ්‍ය ලෙසට OH කාණ්ඩ එකතු කිරීමෙන් prolyl haa lysis කියන ඇමයිනෝ අම්ල දෙක hydroxylation කියන ක්‍රියාවලියට ලක් කිරීමක් සිදු වෙනව. කොලැජන් තමයි සම්බන්ධක පටක, සම, සංදි, පේශි, අස්ථි බන්ධනි හා කණ්ඩරා, රුධිර නාල බිත්ති හා කාටිලේජ වල ප්‍රධාන සංඝටකයක් වෙන්නෙ. ඉතින් කොලැජන් අඩු වෙනව කියන්නෙ රුධිර නාල බිත්ති පුපුරල රුධිරය ගැලීමක් වෙන්න පුළුවන්, ඒ වගේම තුවාල සුව නොවෙන්නත් හේතුවක් වෙනව.
- carnitine සංස්ලේෂණයට vitamin B3 හා vitamin B6 එක්ක එකතු වෙලා ක්‍රියා කරනව. මේ carnitine කියන්නෙ දේහයේ ලිපිඩ දහනය සදහ අත්‍යාවශ්‍ය කොටසක්. ඒ කියන්නෙ නිරහාර වෙලාවට හරි ශක්ති අවශ්‍යතාවය වැඩි උනාම හරි ලිපිඩ දහනය වෙද්දි මේ කියන carnitine නැති නම් ඒ ක්‍රියාවලිය නවතිනව. එතකොට ඉතින් වෙහෙසක් විඩාවක් දුර්වල පෙනුමක් දැනෙන්න පුළුවන්.
- අපේ ශරීරයට පිටතින් මොනවහරි රෝගකාරකයක් ඇතුළු වුනොත් ඒකට ක්‍රියාකරන්න අවශ්‍ය T lymphocytes, phagocytes, leukocytes, antibody හා interferon නිපදවීම හා ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමක් මේ විටමින් C වලින් කරනව.
- කොලෙස්ටරෝල් බිදදැමීම හා බැහැර කිරීම සදහ උදව් වෙනව. ඒ කියන්නෙ මං කලින් ලිපිඩ ලිපියක කිව්ව වගේ HDL තමයි කොලෙස්ටරෝල් අක්මාවට අරන් යන්නෙ එතනින් පිත් අම්ල හදන්න කොලෙස්ටරෝල් වැය වෙනව. ඉතින් මේ HDL ඔක්සිකරණය කරල විකෘති නොවෙන්න නම් vitamin C ලොකු උදව්වක් වෙනව.
- විටමින් E වලට ආරක්ෂාව ලබා දීමට.
- බැර ලෝහ අවශෝෂණය විෂහරණය හා බැහැර කිරීමට.
- යකඩ අවශෝෂණය වේගවත් කිරීමටත් විටමින් C උදව් වෙනව අන්න ඒකයි යකඩ බහුල ගොටුකොළ වලට අපි විටමින් C බහුල දෙහි දාලා සම්බෝල හදල කන්නෙ. එතකොට යකඩ අවශෝෂණය පහසු කරනව.
භෞතිකව හෝ මානසිකව යම් ආතතියකින් පෙළෙනව නම් දේහය තුළ විටමින් C අවශ්‍යතාවය ඉහළ යන්න පුළුවන්. ඒ කියන්නෙ රෝගයකින් පෙළෙන, පිළිස්සුම් තුවාල ඇති, ශල්‍යකර්මයකට ලක්වූ, දිගු කාලින රෝග.
නමුත් විටමින් C පෙති නිතරම කන කෙනෙක් නම් දත් දිරා යාමක් වෙන්න පුළුවන්. අධිමාත්‍ර වූ විට එනම් දිනකට 2000mg කට වඩා ඉක්මවූ විටක නම් වකුගඩු ආශ්‍රිත ගල්, අධික පාචන තත්වයන් හා gastritis ඇති වෙන්න පුළුවන්.තවත් ලිපියකින් හමුවෙමු
වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක



This is very useful easy for us.Because we did not know that fishermen get such diseases��keep it up good job
ReplyDelete