කැමත් එක්ක අපි ගන්න තෙල්
තෙල ගැන කියවමු (දෙවන ලිපිය)
ලිපිඩ ජීරණය හා අවශෝෂණය
අපි ගන්න ලිපිඩ ආහාර අවශෝෂණය කරගන්න එක නම් හරි ලස්සන ක්‍රියාවලියක්. අපේ මුඛයේ ඇති lingual lipase, ආමාශයේ ඇති gastric lipase හා කුඩා අන්ත්‍රයේදී ක්‍රියා කරන pancreatic lipase, colipase, phospholipase, cholesterol esterase යන එන්සයිමයන් නිසා ලිපිඩ ජීර්ණය පහසුකරනව.
කුඩා දාම මේද අම්ලයන් නම් සුළු ලෙස ආමාශයෙන්ද අවශෝෂණය කර රුධිරයට එක් කරනු ලබනව.
නමුත් අන්ත්‍රය තුළ එහි පළමු කොටසේදී එනම් අමාශයෙන් එළියට ආහාර ද්‍රාවණය පැමිණි විට එයට විවර වන පිත්ත ප්‍රණාලය හා ආග්න්‍යාශයික ප්‍රණාලයන් මගින් නිකුත් කරන පිත හා එන්සයිම ද්‍රාවණ නිසා ලිපිඩ ජීර්ණය පහසු කරනව.
පිත නිසා ලිපිඩ තෛලෝදිකරණයක් සිදුවෙනව. මෙහිදී ලිපිඩ කුඩා අංශුවලට කැඩෙනව. ඒ කොටස් පොස්පොලිපිඩ ස්ථරයකින් වටවෙලා මිසෙල්ලා අනු හදනව. ඒ මිස්ල්ලා තමා ආන්ත්‍රික අපිච්ඡදයේ සෛල වලින් ඒ කියන්නෙ පොඩි බඩවැලේ ඇතුල් බිත්තියෙන් උරා ගන්නව. ඒවා ඒ සෛල ඇතුලෙදි කයිලොමයික්‍රෝන බවට පත්වෙලා වසා පයෝලස නාලිකා නම්වූ වසා කේශනාලිකා වලට උරාගෙන පස්සෙ රුධිරයට එකතු වෙනව. රුධිරයේදී නම් මේ කයිලොමයික්‍රෝන වලට ලස්සන ක්‍රියාවලි ගොඩකට මුහුණ දෙන්න වෙනව ඒවා වෙනම ලිපියකින් කතා කරමු.
ඔයාලා දැකල තියනවද සමහර අයගෙ මළ ද්‍රව්‍යය තෙල් සහිතයි අලු පැහැතියි. ඒකට හේතුව ලිපිඩ ජීර්ණය සම්බන්ධ සංකූලතා වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට කාගෙහරි පිත හා ආග්න්‍යාශයික යුෂ එකතු වන නාලය අවහිරයක් වුනොත් ඒ රෝගියාට පිත නොමැති වීමෙන් ලිපිඩ ජීරණය නවතිනව. එතකොට නම් පිටවෙන්නෙ තෙල් සහිත මළ ද්‍රව්‍යය. සමහරවිට පිත්තාශය තුළ ගල් තිබී මෙම නාල අවහිර වීමක් හෝ පිලිකා වර්ධනයක් නිසා හෝ වෙන්න පුලුවන්.
වැදගත්ම කාරණය තමයි ලිපිඩ අවශෝෂණය සමග ලිපිඩ වල දියවූ විටමින අවශෝෂණයටද මං පැහදෙනව. උදාහරණ ලෙස vitamin A D E K.
තවත් ලිපියකින් හම්බෙමු
වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක



Comments
Post a Comment