මොනවද මේ විටමින් A කියන්නෙ ?
මොනවද මේ විටමින් A කියන්නෙ 🤔
අපි එදිනෙදා පරිභෝජනයට ගන්න ආහාර වල අඩංගු වන පෝෂක විශේෂයක් තමා විටමින් කියන්නෙ. ඉතින් ජලද්‍රාවී හා මේද ද්‍රාවී ලෙසට වර්ග දෙකක් තියනව. ඒකෙන් ජල ද්‍රාවී විටමින වෙන්නෙ Vitamin B සංකීර්ණය හා Vitamin C. මේද ද්‍රාවී විටමින විදියට Vitamin A D E හා K හදුන්වන්න පුළුවන්.
මේද ද්‍රාවී විටමින අපි ගන්න ආහාර වල ප්‍රෝටීන එක්ක බැදිල තියන නිසා ආමාශයේ ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙද්දි මේද ද්‍රාවී විටමිනත් නිදහස් වෙනව. ඒවා කුඩා අන්ත්‍රයේ පළමු කොටස වන duodenum එකේදී අවශෝෂණය කරල chylomicron වලින් වසා පද්ධතිය හරහ රුධිරයටත් පසුව ගබඩා කිරීම සදහා අදාළ පටක වලටත් යවනවා. මේද ද්‍රාවී විටමින පරිවහනයත් අපි කලින් ලිපි වල කතා කරපු මේද හා ලිපිඩ අවශෝෂණය හා පරිවහනයටම සමානයි. ඉතින් විටමින් D ප්‍රධාන වශයෙන් මේද පටකය හා පේශි පටකයේත් විටමින් A retinal palmitate ලෙසට අක්මාවේත් විටමින් K හා E අක්මාවේත් ගබඩා කිරීම සිද්ද වෙනව. ඉතින් ජලද්‍රාවී විටමින වගේ දේහයෙන් ඉවත් කිරීම පහසු නොවන නිසා අධිමාත්‍ර වලින් විෂවීමක්ද විය හැකියි.
අද පොඩ්ඩක් කතා කරමු විටමින් A ගැන.ප්‍රධාන සක්‍රීය සංයෝග ආකාර විදියට Retinol, Retinal, Retinoic acids යන ආකර තුන සලකනව. සත්ත්ව ආහාර ලෙසට බිත්තර මස් හා කිරි ආහාරත් ශාක ආහාර ලෙසට කැරට් හා අනෙකුත් එළවලු වර්ග, පළා වර්ග රැසකත් මෙය අඩංගුයි.
පෙනීම සදහා ඇසෙහි ඇති යෂ්ටි සෛල වල අඩංගු සංඝටකය වන රොඩොප්සින් නිපදවීමට අවශ්‍ය 11 cis retinal සදහ භාවිතය සිදු වෙනව.
ප්‍රජනන ක්‍රියාවලියට retinol සහ retinal ආකාරයන් උදව් වෙනව. ඊට අමතරව ජාන ප්‍රකාශනය හා ජාන පරිවර්තනයන් සදහත් දේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනාව යාමනයටත් මෙම විටමින් A උදව් වෙනව.
කුරුළෑ සදහ ප්‍රතිකාර කිරීමටත්, පොතු කබර හා promyelocytic leukemia තත්වයන්ට ප්‍රතිකාර කිරීමටත් මෙම විටමිනය උදව් වෙනව.
ඌනතාවයකදී රාත්‍රී අන්ධතාවය, xerophthalmia(dry eyes), keratomalacia, bigots' spots (ඇසේ සුදු කොටසේ ඇතිවන අළු පැහැති ත්‍රිකෝණාකාර ලප) වැනි අක්ෂි ආබාධයන් ඇතිවීම සුලබයි.
සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ට 900 මයික්‍රො ග්‍රෑම් ප්‍රමාණයකුත්, ගැහැනු කෙනෙක්ට 700 මයික්‍රො ග්‍රෑම් ප්‍රමාණයකුත් දිනකට අවශ්‍යයි. ඉහළ සීමාව වෙන්නෙ 3000 මයික්‍රො ග්‍රෑම්. නමුත් යම් හෙයකින් මෙම අගය 15 000 මයික්‍රො ග්‍රෑම් වුනොත් නම් විෂවීමක් වෙන්නත් පුළුවන් ඒකට ප්‍රධානම හේතුව නම් බාහිරින් ලබාගන්න Vitamin A supplements. ඒ නිසා අක්මාවට හානි සිදු වී පසුව මරණය වුවද ඇතිවීම සිදු වෙනව.
තවත් ලිපියකින් හමුවෙමු.
වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක



davvero, è molto buono
ReplyDelete😇
ReplyDelete👍👍
ReplyDelete