කාලා කාලා තෙලද?
තෙල ගැන කියවමු (පලමු ලිපිය)
තෙල වැඩි අයට💗
අපි ගන්න ආහාර වල ලිපිඩ අඩංගු කොටස් වලට ඇත්තටම මොකක්ද වෙන්නෙ කියල දැනගන්න කැමතිද?
මේ ගැන පොඩි ලිපි මාලාවක් ලියන්න හිතුවා.
1 ලිපිඩ වර්ග හා ආහාර
2 ලිපිඩ ජීරණය හා අවශෝෂණය
3 ප්ලාස්ම ලිපිඩ ආකාර (ලිපෝප්‍රෝටීන වර්ග)
4 රුධිර නාල වල ලිපිඩ තැන්පතු ඇතිවීම
5 කොලෙස්ටරෝල්
6 ඔමෙගා-3 හා ඔමෙගා-6
7 මේද ද්‍රාවී විටමින
8 ස්ටෙරොයිඩ හෝර්මෝන
පළවෙනි කොටස
1 ලිපිඩ වර්ග හා ආහාර
ලිපිඩ යනුවෙන් අප හදුන්වන්නේ ජල්යේ දිය නොවන කාබනික අණු විශේෂයක්. ප්‍රධාන ආකාර කිහිපයක් යටතේ වර්ග කරන්න පුළුවන්.
I සරල ලිපිඩ
මේදය සරල ලිපිඩ කාණ්ඩයේ අණු විශේෂයක්.
II සංකීර්ණ ලිපිඩ
පොස්පොලිපිඩ
ග්ලයිකොලිපිඩ
ඇමයිනොලිපිඩ
සල්ෆොලිපිඩ
ලිපෝප්‍රෝටීන
III ලිපිඩ අඩංගු අණු
මේද අම්ල
ග්ලිසරොල්
ස්ටෙරොයිඩ
මේද ද්‍රාවී විටමින
ඇල්ඩිහයිඩ
කීටෝන දේහ
ජෛව විද්‍යාත්මක වටිනාකම්
I අපි කන කෑම බීම වලින් තමයි අපිට ශක්තියක් ලැබෙන්නෙ. එතකොට අපි කන සිනි හෝ පිටි ආහාර ඒ කියන්නෙ කාබෝහයිඩේ‍්‍රට තමයි මූලික ශක්ති අවශ්‍යතාවය සපුරන්නෙ. ඉතින් අපේ ඇගේ ඒ සීනි ආහාර ඉවර වෙද්දි තෙල් ඉදිරිපත් වෙනව මේ වැඩේට. ඒකට ලොකු රසායනික ක්‍රියාවලි වලින් කලින් මං සදහන් කරපු මේද අම්ල ග්ලිසරෝල් හා කීටෝන හදල ඒවා දහනය කරල ශක්තිය ලබාගන්නව.
II අපේ ශරීරය හැදිල තියෙන්නෙ සෛලය කියල පුංචි ඒකකයකින්. ඒකෙ වටේට තියනව පොලිතින් එකක් වගේ පොඩි කවරයක් ඒකට කියන්නෙ ප්ලාස්ම පටලය කියල. ඒකෙ තියනව පොස්පොලිපිඩ කියන කාණ්ඩයේ පේලි දෙකක්. ඊලගට කොලෙස්ටරෝල් අණු මේ කියන පේලි දෙක අතරෙ තියනව. ඒ වගේමයි ස්පින්ගොමයලින් වගේ ලිපිඩ වලින් පුළුවන් අපේ ස්නායු වටේ තියන මයිලින් කොපු නිර්මාණය කරන්න. ඒකෙන් ස්නායු සම්ප්‍රේෂණ හැකියාව කාර්යක්ෂම වෙනව.
3 සෛලය කියන මේ පුංචි කාමර ඇතුලේ හිතන්නකො කෙනෙක් තේ හදනව කියල එතකොට සීනි කිරි තේ කොල කලවම් කරනව වගේ සෛලය තුළත් මේ ලිපිඩ වලින් එක එක ඒව හදනව.
උදාහරණ - හෝර්මෝන
එයිකසනොයිඩ
4 පෙනහළු හැකිලීම වළක්වන surfactant ලෙසට පවතින පොස්පොලිපිඩ සංයෝගය. (ඩයිපාමිටොයිල් පොස්පටිඩයිල්කෝලීන්)
5 අවයව වටා ආවරණ ලෙසට
6 ශරීර උෂ්ණත්වය පාලනයේදි අපී සීතල පරිසරයක ඉන්නවනම් අපේ සමට යටින් තියන තෙල් තට්ටුව තාපය එළියට නොගලන බැම්මක් විදියට ක්‍රියා කරලා තාපය ආරක්ෂා කරගන්නව. එහෙම තමා ශරීර උෂ්ණත්වය නියතව තියාගන්නෙ.
7 විටමින් A D E හා K වතුරෙ දියවෙන්නෙ නෑ ඉතින් ඒක ශරීරයට උරාගන්න නම් තෙල්වල දියවෙන්නම ඕනෙ.
මේදය හැදෙන්නෙ මේද අම්ල වලින්. ඒ මේද අම්ල සංතෘප්ත හා අසංතෘප්ත විදියට වර්ග දෙකක් තියනව. සංතෘප්ත මේද අම්ල තියන ආහාර විදියට පොල් තෙල්, බටර්, හරක් බස් හා ඌරු මස් වැනි මස් වර්ග, සම්පූර්ණ යොදය සහිත කිරි වැනි ආහර සැලකෙනව. සාමාන්‍යයෙන් මේ ආහාර බහුලව භාවිතය හෘද රෝග වලට නම් එච්චරම හොද නෑ.
අසංතෘප්ත මේද ආහාර විදියට ඒක අසංතෘප්ත හා බහු අසංතෘප්ත විදියට ගන්න පුළුවන්.
ඒක අසංතෘප්ත ආහාර විදියට කජු වර්ග, ඔලිව් තෙල්, අලි පේර යනාදිය සලකන්න පුලුවන්.
බහු අසංතෘප්ත ආහාර විදියට එළවලු තෙල්, සූරියකාන්ත තෙල්, මාළු, සෝයා බෝංචි ආදී ආහාර ගන්න පුළුවන්.
මේ අසංතෘප්ත ආහාර නම් භාවිතයට සුදුසු බව තමයි සදහන් වෙන්නෙ.
ඊට අමතරව අසංතෘප්ත මේදය තවත් විදියකට කාණ්ඩ කරනව. ඒ sis හා trans විදියට. trans ආකාරය නම් භාවිතය සුදුසු නෑ. ගැඹුරු තෙලේ බැදපු ආහාර, හයිඩ්‍රජනීකෘත එලවලු තෙල් වර්ග, ක්ෂ්ණික ආහාර වර්ග හා කෙටි ආහාර වර්ග යනාදියේ මෙම trans වර්ගය බහුලව තියෙන්න පුලුවන්.
ලංකාවෙ අපි බහුලවම භාවිතා කරන්නෙ පොල්තෙල්නෙ. ඉතින් අපි ඔය තෙල් ටික ආයෙ ආයෙ දෙතුන් පාරක් බදින්න ගන්නවනෙ. තියන් එක එක විදියෙ තෙල් වර්ග වලින් මුදලයි සෞඛ්‍යාරක්ෂිත බවයි දෙකම සැලකුවොත් නම් දෙතුන් පාර බදින වැඩේට ගැළපෙන්නෙම පොල්තෙල් තමා.
ඊළග එකෙන් හම්බෙමු එහෙනම්.
වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක



ඉතා හොඳ පණිවිඩයක් සහ කරුණු රැසක්
ReplyDelete