තෙල් කැම කද්දි පරිස්සමින්!!

 තෙල ගැන කියවමු (තුන්වන කොටස)

ප්ලාස්ම ලිපිඩ ආකාර හා ලිපෝප්‍රෝටීන

අපි හැමෝගෙම ශරීරය පුරා ද්‍රව්‍යය පරිවහනය කරන්නෙ රුධිරය මගින්. ප්ලාස්මය හා සෛල ලෙසට කොටස් දෙකක් ප්‍රධානවම තියනව. ඉතින් ප්ලාස්මයෙ තියන ලිපිඩ වලට තමයි අපි ප්ලාස්ම ලිපිඩ කියන්නෙ.

1 කොලෙස්ටරෝල් එස්ටර

2 කොලෙස්ටරෝල්

3 පොස්පොලිපිඩ

4 ට්‍රයිග්ලිසරයිඩ

5 මේද අම්ල

කලින් ලිපිවල මං කිව්ව වගේම ලිපිඩ කියන්නෙ ජලයෙ දිය නොවන සංයෝගයක්. ඉතින් රුධිර ප්ලාස්මය තුළ 93%ක් පමණ තියෙන්නෙ ජලය නිසා ලිපිඩ දිය වෙන්නෙ නෑ. ඉතින් ලිපිඩ පරිවහනය කරන්න බෑ. ඒ නිසා විශේෂ අණු වර්ගයක් හදනව ලිපෝප්‍රෝටීන කියල. ඊට අමතරව ඇල්බියුමන් කියන ප්‍රෝටීනයෙ දියවෙලත් මේද අම්ල පරිවහනය කරන්න පුලුවන්.

ලිපෝප්‍රෝටීන කියන්නේ ගෝලාකාර අංශු වර්ගයක්.

1 කයිලොමයික්‍රෝන 

2 VLDL

3 LDL

4 HDL

අපි කන කෑම වල තියන ලිපිඩ ජීරණය ගැන මම කලින් ලියපු ලිපියෙ කයිලොමයික්‍රෝන වල කාර්ය්‍යය පැහැදිලි කලා. අපි ගන්න ආහාර වල තියන ලිපිඩ ට්‍රයිග්ලිසරයිඩ ලෙසට පයෝලස නාලිකා හරහ රුධිරයට දෙන්නෙ මෙයාලා. HDL වල තියනව apo c ii කියල කොටසක්. රුධිරයෙදි මේ කොටස කයිලොමයික්‍රෝන වලින් අරන් එයාලට සම්බන්ධ කරගන්නව. ඒකෙන් lipo protein lipase කියන එන්සයිමය සක්‍රීය කරල රුධිරය තුළදි කයිලොමයික්‍රෝන බිද දමනව. එතකොට හදන chylomicron remnant වල තියන apo E වලින් මෙම අංශු අක්මාවට උරා ගන්නව. ඒ apo E එකත් ඉල්ලගන්නෙ HDL වලින්ම තමා.

අපි කන කෑම වලින් දෙන ට්‍රයිග්ලිසරයිඩ වලට අමතරව අක්මාව තුළත් ට්‍රයිග්ලිසරයිඩ නිපදවීම වෙනව. එම අංශු අක්මාවෙ ඉදන් අනෙක් පටක වලට පරිවහනය කරන්නෙ VLDL හරහ.

මේ VLDL අංශුත් රුධිරය තුළ ජීරණය වෙලා LDL හදනව. මේ LDL නම් හෘද රෝග සදහ හොද එකක් නෙමෙයි. ඒ ගැන ලිපිඩ තැන්පතු ගැන කියන ඉදිරි ලිපියක සවිස්තරාත්මකව කියන්නම්.

ඊළගට කියන්න යන්නෙ වැදගත්ම වගේම හිතවත්ම ලිපෝප්‍රෝටීනය ගැන. HDL කියන්නෙ ශරීරයෙ තියන ලිපිඩ අක්මාවට අරන් යන එක්කෙනා. එයා ඒව අක්මාවට අරන් ගියාම අක්මාවෙන් ඒ ලිපිඩ බැහැර කිරීම සිද්ද වෙනව. අපි ව්‍යායාම කරනවනම් HDL ප්‍රමාණය අපිට වැඩි කරගන්න පුළුවන්. දවසකට මිනිත්තු 30ක් විතර සතියකට දවස් 5ක් වගේ හොද ස්වායු ව්‍යායාමයන් කරන්න පුරුදු වෙනවනම් LDL අඩු කරන් HDL වැඩි කරගන්න පුළුවන්.

මෙම ලිපෝප්‍රෝටීන වර්ග පරීක්ෂා කරන පරීක්ෂණයකදි ඒ කියන්නෙ lipid profile test එකකදි

Total cholesterol 120 - 200 mg/dl

TAG 50 - 150 mg/dl

LDL 80 - 130 mg/dl

HDL 40 - 60 mg/dl

යම් හෙයකින රෝගියාගෙ මේ කියන සාධක වැඩි වෙලා තියනවනම්

1 මස් වර්ග වැනි සංතෘප්ත මේද අම්ල ආහාර භාවිතය අඩු කිරීම

2 එළවලු වර්ග පලතුරු වර්ග වැනි තන්තු ආහාර ගැනීම වැඩි කිරීම

3 බහු අසංතෘප්ත මේද අම්ල සහිත ආහාර භාවිතය

4 ක්‍රියාශීලි හා ව්‍යායාම සහිත ජීවන රටාව

5 දුම්පානය හා මත්පැන් භාවිතය අඩු කිරීම

6 ස්වායු ව්‍යායාමයන් සතියකට දවස් 3ත් 5ත් දිනකට මිනිත්තු 30 බැගින් කිරීම


ආදිය මගින් මෙම සංකූලතා පාලනය කිරීම අත්‍යාවශ්‍ය වෙනව.

තවත් ලිපියකින් හම්බෙමු

වෛද්‍ය ශිෂ්‍ය ළහිරු ධනංජය රත්නායක

Comments

Post a Comment

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද