වැලන්ටයින් ගැන නොදැන සැමරුම් කරන බහුතරෙන් කෙනෙක්ද ඔයා?



ඔයාලා සමරන මේ වැලන්ටයින් කියන්නෙ ඇත්තටම මොකක්ද අද අපි බලමු ඒ ගැන අද ලිපියෙන් 🤗




පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයක්. වැලන්ටයින් දිනය නැතිනම් ආදරවන්තයින්ගේ දිනය කියා ඔබ සමරන . වානිජ්‍යවාදී ව්‍යාපාරිකයෝ, තරගකාරී මාධ්‍ය ආයතන දැන් දැන් ලහි ලහියේ විවිධ කටයුතු සඳහා සූදානම් වෙති. සමහර විට මේය කියවන ඔබත් ඇතූව ,

මාධ්‍ය ආයතන කෙරේ තරුණ කොටස් වැඩි ආකර්ශනයකට යොමුකර ගැනීමටත්, විවිධ වෙළඳ ව්‍යාපාරිකයෝ තම ලාභ අපේක්ෂාවන් වැඩිකර ගැනීම සදහා නානප්‍රකාර දැ කරන්නට සැරසේ . මෙහිදී ශු.වැලන්ටයින් තුමාව විකුණා කමින්ද එතුමාගේ නාමයට අපහාස වන අයුරින් ද ක්‍රියා කිරීම ලැජ්ජා සහගතය. වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි.

කතෝලික රදගුරු තුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම නිසා තමයි මේ වැලන්ටයින් දිනයට නම මෙහෙම යෙදිලා තියෙන්නෙ

වැලන්ටයින් තුමා යනු කවුද..? එතුමා මේ ලෝකයට කළ කාර්යය භාරය කුමක්ද..? යන යථාර්ථය නොදැන මේ ව්‍යාපාරිකයෝ අහිංසක ප්‍රේමවන්තයින් දඩමීමා කර ගනිමින් වැලන්ටයින් නාමය ඉදිරියට දමා සිදුකරන විවිධාකාර දේවල් නිසා මෙතුමා පිළිබඳව ජනතාව තුළ අවබෝධයන් ඇති කරවීමට වගකිව යුත්තෝ ක්‍රියාකළ යුතුය. එය කාලීන අවශ්‍යතාවයකි

එදා රෝමය තුළ කිතුනු පීඩන සමයක් පැවතුනු බව කවුරුත් දන්නා කරුණකි. එකල එනම් තුන්වන සියවසේ රෝම පාලකයා වු ක්ලෝඩියස් අධිරාජයා රෝම හමුදා සෙබළුන්ට විවාහ වීම තහනම් කර තිබුනි. ඒ සමයේ රෝමයේ සිටි භක්තිමත් පූජක වරයෙකි වැලන්ටයින් තුමා. මෙතුමා මේ සඳහා රහසිගතව කටයුතු කරන ලදී. මෙම පුවත දැනගත් අධිරාජයා ක්‍රි.ව. 350 පෙබරවාරි 14 දින මෙතුමාව හිසගසා දැමීමට නියම කළේය.

මේ සිදුවිමත් සමග මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා යන ගෞරවාර්ථයට පත්විය. එතැන් සිට සැම පෙබ. 14 දිනය ඒ වෙනුවෙන් ප්‍රචලිත විය. මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා ලෙස ගෞරවයට පාත්‍රවීමට ඉහත හේතුව ආසන්නතම හේතුව වූවා සේම එතුමා පිළිබඳ කියවන විවිධ ජන ප්‍රබන්ධද හේතු විය. ඒ අතරින් එක්තරා සිදුවීමකි, එදා මරණයට තීන්දුව ලබා සිරමැදිරියේ සිටින විට ඔහුත් සමග තවත් තීන්දුව ලබා සිටි සිරකරුවකුද විය. ඔහුට තම පෙම්වතියට හසුන් පතක් ලිවීමට අවශ්‍ය විය. ඒ සඳහා වැලන්ටයින් තුමා ලස්සන ලිපියක් ලියා යැවීමට මොහුට උදව් කළේය. මේ තරුණිය ද වෙන කවුරුත් නොව මෙතුමාගේ හිස නැති කර දමන වදකයාගේ දියණිය විය.

එසේම මෙතුමා ” ආදරවන්තයින්ගේ වීරයා” ලෙස හැඳින්වීමට තවත් සිදුවීමක් හේතු විය. රෝමයේ ටර්නි නගරයේ සෙරපියා නැමති කිතුනු තරුණියක් සෙබලකු සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබුනි. දිනක් මේ තරුණිය සුවකළ නොහැකි බෝවන දරුණු රෝගයක් වැළඳී මරණාසන්න විය. තරුණයා වැලන්ටයින් තුමා බැහැදැක ඇය ඔහුගෙන් වෙන් නොකරන ලෙස අයැදීය. මෙතුමාගේ මැදිහත් වීම මත මේ දෙදෙනා එකටම වාසය කළ අතර අවසානයේ එකිනෙකා වැළඳගෙන මිය ගියහ.

මේ අනුව වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි. එබැවින් මෙතුමා ජේසු තුමා ඉගැන්වූ සැබෑ ප්‍රේමය ප්‍රායෝගිකවම බලවත් කිරීමට ක්‍රියා කළ නායකයෙකි. සැබෑ ප්‍රේමය තුළ ගොඩනගා ගන්නා විවාහ ජීවිතයකට ආදරයේ වටිනාකමේ වැදගත්කම අවබෝධ කරවූයේය. අවසානයේ මෙතුමා තම ජීවිතය පරිත්‍යාග කළේද සැබෑ ආදරය, විවාහය පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමට උරදීමට ක්‍රියා කිරීම මතය. එබැවින් විවාහ ජීවිතයට ඇතුලත් වීමට සූදානම් වන සැම කෙනෙකුටම ආදරය හඳුනාගෙන කටයුතු කරන ලෙසත්, එයින් විශ්වාසයේ ආදරයක් තුළ ක්‍රියාකිරීම තුළින් සාර්ථක විවාහ ජීවිතයත් ගොඩනගා ගත හැකි බවත් කියා දුනි. එබැවින් මෙතුමාගේ වදන් ආදර්ශයට ගෙන කටයුතු කිරීම ප්‍රේමවන්තයින්ගේ වගකීම මිස පුහු මනස්ගාත මත ක්‍රියා කිරීම නොමනා ක්‍රියා වෙති, එබැවින් මේවා සිහියේ තබා ගෙන පෙබ. 14 දින බහුභූත විගඩම් වලට සම්බන්ධ නොවී සැබෑ ආදරය වෙනුවෙන් වගකීමෙන් ක්‍රියා කිරීම වැදගත් වනු ඇත.

මෙතුමාගේ හිස්කබල


එතුමානන්ගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. මෙතුමාගේ හිස්කබල රෝමයේ cosmedin හි basilica of saint maria බැසිලිකාවේ තැන්පත් කොට ඇත. 1969 වසරේ දී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති අතර මෙම දිනයට සාමගාමීව ආදර වන්තයන්ගේ දිනය සමරනු ලබයි.





වැලන්ටයින් තුමාගේ කතාව -











Comments

  1. ඔව් ඇත්ත කතාවක් ,මිනිස්සු මෙය වැරදිවට අවබෝධ කරගෙන ,මෙය ජනමාධ්‍ය යතාර්ථයෙන් කියලා හිතනවා

    ReplyDelete
  2. Great��

    ReplyDelete
  3. ෆට්ට. දැන් කියෙව්වේ ❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද