මොනාද මේ IS/ VR, USM/ SWM,IF, Fx /Dx ?

අංකිත ඒක කාච කැමරා වල භාවිතා වන කාච මඟින් ඡායාරූප ගැනීමේ දී ඒවායේ ඇති තාක්‍ෂණික උපාංග  (IS/ VR, USM/ SWM,IF, Fx /Dx )මඟින් සිදුවන කාර්යය හා  බලපෑම



v IS/ VR

මෙම  තාක්ෂණය භාවිත වන්නේ ජායාරුපයක් ලබා ගැනිමෙදි ඇති වන බොදවිම සෙලවිම අවම කර ගැනිම සදහාය.

 IS (image stabilization)

ඡායා රූප ස්ථායිකරණය ලෙස හදුන්වයි. මෙහිදි කැමරාව සෙලවේ යැයි සිතා කැමරා කාච මඟින් ප්‍රති සෙලවීමක් සිදු කෙරේ. මෙම IS ( IMAGE STABILIZATION)  යන යෙදුම ”‍canon” ‍කාච සඳහා යොදා ගැනේ .





VR (vibration Reduction)

කම්පන අඩු කිරීම ලෙස අර්ථ දැක්විය හැක . කැමරා සෙලවීම නිසා ඇතිවන බොද වීම අවම කරන රූප ස්ථායිකරණ තාක්ෂණයකි . මෙම VR (



vibration Reduction)
 යන යෙදුම ”Nikon”කාච සඳහා යොදා ගැනේ .





v USM / SWM 

 


USM  (ULTRA SONIC MOTOR)

මෙය ”canon” කාච සඳහා යොදා ගැනේ. බොහෝ ”canon” කාච තුළ දක්නට ලැබෙන අතර කාච වල භාවිතා වන  ස්වයං නාභිගත වීමේ දී ශබ්ද රහිතව නාභිගත කිරීම සිදුකරනු ලබන පද්ධතියකි . ජායාරුප  ගැනිමේ දී වේගවත් හා නිවැරදි නාභිගත කිරීමක් අවශය වන්නේය . එහිදී සිදුවනුයේ අති ධ්වනි කම්පන ශක්තිය භ්‍රමණ බලය බවට හැරවීමකි. වත්මනේදි මෙම තාක්ෂණය  Nano USM  ලෙස canon කෑමරා කාච වල භාවිත වේ.




SWM  (SILENT WAVE MOTOR)

මෙය ”Nikon” කාච සඳහා යොදා ගැනේ . නමුත් සැම ”Nikon” කාච තුළම දක්නට නොලැබේ . මෙම තාක්ෂණික උපාංගයේ ක්‍රියාවලිය canon හි ”‍USM” හා සමාන වේ . ”Nikon” කාචයේ ස්වයං නාභිගත වීමේ දී ශබ්ද රහිතව නාභිගත කිරීම සිදුකරනු ලබන පද්ධතියයි මෙම මිප පද්ධතිය . මෝටරය මගින් වේගවත් හා සැලකිය යුතු ශබ්දයක්  නොමැති ව නාභිගත විම සිදු වේ 

ක්‍රීඩා අවස්තා හෝ වේගවත් චලිත වස්තු රූප ගත කිරීමට . වනජීවී ඡායාරූපකරණයට මෙම ‍USM පද්ධතිය ඉතාමත් ප්‍රයයෝජනවත් තාක්ෂණික උපාංගයක් වී තිබේ. 



v IF (INNER FOCUSING)

     අභයන්තර නාභිගත කිරීම ලෙස අර්ථ දැක්විය හැක  Inner Focusing    යනු, කාච වල  භාහිර වෙනස් වීමක් සිදු නොවී අභ්‍යන්තරයෙන් පමණක් වෙනස් වී නාභිගත වන ක්‍රියාවලියකි . අංකිත ඒක ඡායා කැමරා සඳහා මෙම තාක්ෂණික උපාංග ඇතුළත් කර ඇත 

      මෙම කාච වේගයෙන් නාභිගත වන නිසා මෝටරය චලනය වන්නේ lens element    කිහිපයක් වටා පමණ ය . එමෙන්ම කාච නාභි ගත කිරීයම්දී කාචයේ  දිග ඉදිරියට පසුපසට  වෙනස් නොවන්නේය . එනම් අමතරව කාචය නාභි ගත කිරීයම් දී භ්‍රමණය නොවේ. එමෙන්ම මෙහිදි නාභිගත කිරීයමන් පසු අනාවරණය කිරීමට පෙර නැවත මැනීමක් කිරීමට සිදුවේ එය තරමක අවාසියකි .

v FX / DX



FX

    FX යනුවෙන් හැඳින්වෙන්නේ, ”Full Frame  සංවේදක සහිත කැමරා සදහා භාවිතා කරන කාච වේ .”වැඩි ආයලෝක රැස් කිරීයම් ප්‍රදේශයක් සහිත FX සංවේදකයෙ දැඩි සංවේදීතාවයක් දක්වයි. ˜Full Frame  FX සංවේදකය මි.මි 36ඥා24 ප්‍රමාණ වන්නේය . මෙවැනි සංවේදක සහිත කැමරා සඳහා ˜Full Frame  කාචයක් භාවිතා කළ යුතු වේ. 

DX

       DX යනුවෙන් හැඳින්වෙන්නේ ”APS-C / HALF FRAME  සංවේදක සහිත කැමරා සදහා භාවිතා වන කාච වේ . මෙම DX  සංවේදකය FX සංවේදකය ට වඩා ප්‍රමාණයයන් කුඩා වෙයි.HALF FRAME DXසංවේදකය මි.මි 24ඥා16 ප්‍රමාණ වේ. මෙම සංවේදක සහිත කැමරා සඳහා FX කාචද භාවිතා කිරීයම් හැකියාව පවතී.  





 

Comments

Post a Comment

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද