අයුක්තියට එරෙහිව අරගල කල ප්‍රේමවන්තයා!
මම අහලා තියෙන සුපිරිම පොලිටීශියන් තමයි ජේසු....
ඒ අයුත්කියට එරෙහි අරගල කරන්නෙකු, උතුම් ප්‍රේමවන්තයෙකු විදියටයි....
ජේසුට තිබුනේ මානවවාදී ප්‍රේමණීය දේශපාලනයක්. ඒ තරම් සාමය ගැන හිතපු මිනිහෙක්, ඒ තරම් මිනිස්සුන්ට ප්‍රේම කරපු මිනිහෙක්, ඒ තරමටම බැහැපත් වුනු මිනිහෙක් ගැන ලෝක ඉතිහාසයේ මම අහලා නැහැ....
ජේසුට කවදාවත් කොහෙවත් ජාතියක්, ජම්මයක්, වර්ගයක් ගැන ප්‍රශ්නයක් තිබුනේ නැහැ. රජෙක්ද, දුප්පතෙක්ද කියලා වෙනසක් තිබුනේ නැහැ. ජේසුගේ අරගලයට රජවරු පවා හෙල්ලිලා ගිය නිසයි ජේසුට එක තැනකදී නවතින්න සිද්ධ වුනේ. හැබැයි ගහලා මරලා නැවැත්තුවත් ඒ අරගලය කවදාවත් නොනැවතුනේ ඒ ප්‍රේමයේ පණිවුඩය නිසාමයි....
අවුරුදු 30න් පටන් ගත්තු අරගලය අවුරුදු 33න් නැවතෙද්දී මහා පෙරලියක් වෙලා තිබුනා. ඒ පෙරලිය, මිනිසුන්ගේ ප්‍රේමය, මිනිස්සුන් වෙනුවෙන් ජේසුගේ ප්‍රේමය ටොප් ලෙවල් දේශපාලකයන්ට ආගමික පූජකයන්ට දරාගන්න බැරි වුනා. උන් බය වුනා ජේසු මේ මහපොළොවේ උන්ගේ රාජ්‍ය බලය උදුරා ගනියි එහෙමත් නැත්නම් මිනිස්සු ජෙසුව එතනට පත් කරයි කියලා. අන්න ඒ පාලක පූජක රැළගේ බල තන්හාව දෙදරුම් කන තරමටම ජේසු කරපු ප්‍රේමයේ විප්ලවය, තනි මිනිහෙකුගේ සද්දන්ත කැරැල්ල උන්ට තදටම දැනිලා තිබුණා.
ඒකෙන්ම තේරෙනවා නේද පාලක පූජක රැළ එදා ඉඳන්ම ප්‍රේමයට කැමති නැහැ කියන එක.... පාලකයන්ට පූජකයන්ට ඕන වුනේ එදා ඉඳන් ම වර්ගවාදය, ජාතිවාදය අවුස්ස අවුස්සා මිනිස්සුන්ව තව තවත් පීඩාවට පත් කරන එක.... මේ වෙන්නෙත් ඒකම තමයි.... එදා සහ අද කියලා වෙනසක් නැහැ....
අන්න ඒ පාලක පූජක රැලම ජේසුගේ ප්‍රේමණීය දර්ශනය විකාර රූපී ආගමක් බවට පත් කරලා තමන්ගේ බලය රැකගන්න ආගමික ස්වරූපයක් හරහා තමන්ගේ බලය ව්‍යාප්ත කරගන්න රට රාජ්‍යයන් අල්ලා ගන්න යුද්ධ කරලා සමූල ඝාතන කරන්න තරම් තුච්ච පිරිසක් වුනා. ලෝකයේ වැඩිම සංහාර කරලා තියෙන්නේ අන්න ඒ විදියටයි.... අන්න ඒ විදියට ජාති ආගම්වාදයට කල නොහැක්කක් නැති බව එදා ඉඳන් අද වෙනකම් ඔප්පු කරලා තියෙනවා....
ඒත් ජේසුගේ අවුරුදු 33ක ප්‍රේමයේ කතාව, වගේම අවුරුදු 3ක ප්‍රේමයේ අරගලය අවුරුදු දෙදහස් ගානක් ගියත්, තවමත් පවතිනවා....
අනිත්‍ය ලෝකයේ, වෛරය, කුහකකම යුද්ධ, ජාති ආගම් වර්ග වාද කෙතරම් තිබුනත් පවතින ස්ථීර යම් දෙයක් වේ නම් ඒ ප්‍රේමයම පමණයි කියලා ජේසු ඔප්පු කරලා පෙන්නුවා....
ඒ වගේම,
තමන්ගේ මිතුරන් වෙනුවෙන් දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් මිහිපිට තවත් නැහැ කියලා ගලීලයේ ජීවත්වුණු ඒ ප්‍රේමණීය රස්තියාදුකාර තරුණයා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නලා, "මා කළා මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න" කියලා බය නැතුව කිව්වා....
එහෙම බය නැතුව කියන්න පුළුවන් ජාති ආගම්වාදය වගේ ලේ වගුරා ගන්නා බොහොම ප්‍රාථමික දේවල් වලට වඩා ප්‍රේමය උතුම් බවට පත් කරපු කෙනෙකුට විතරක් බවත් එයා ඔප්පු කරලා පෙන්නුවා.... අන්න ඒකයි අරගලයේ උපරිම තැන. තමන්ට තමන්ව අත්හරින්න පුළුවන් තරමටම ජේසු පීඩිතයාට ප්‍රේම කළා.... ජේසු එදා පෙනී හිටියේ, අරගල කළේ, කැරැල්ලක් ගැහුවේ, එහෙම කැරැල්ලක් ගහලා අමු අමුවේ ඝාතනය වුනේ උඹලා අපි වගේ පීඩිතයෝ හින්දා....
ඒත් අපි, අපි අවුරුදු 71ක් තිස්සේ පාට පාට මාරු කර කර ආතල් එකක් ගන්නවා. උන් අපිව කනවා අපි උන්ට සුර සැප දෙනවා....
හැබැයි මචං ජේසුගේ අරගලයට අවුරුදු 3යි.... වැඩක් කරනවා නම් අවුරුදු 3කුත් ඇති කියලා ජේසු පෙන්නලා තියෙනවා.... එච්චරයි....
-රවිදු නිරංග -

වටින ලිපියක්
ReplyDelete👍👍👍
ReplyDelete👍👍
ReplyDelete👍
ReplyDelete