පියයුරු පිළිකා ( Breast Carcinoma) පියයුරු පිළිකා යනු පාලනයකින් තොරව සෛල බෙදීම නිසා පියයුරු වල ඇති වන අසාමාන්‍ය වර්ධනයකි. මෙම පිළිකා සෛල පියයුර ආසන්න ප්‍රදේශයටත්, ශරිරයේ වෙනත් අවයවවලටත් පැතිර යාමේ ප්‍රවණතාවයක් ඇත. එසේ පැතිර යන්නේ වසා නාළ හා රුධිර නාළ තුළිනි. පියයුරු පිළිකා කාන්තාවන් අතර ඇති වන බහුලම පිළිකා වර්ගයකි. ලොව පුරා පිළිකා නිසා සිදු වන මරණ අතරින්, පියයුරු පිළිකා දෙවන ස්ථානය ගනී. සාමාන්‍යයෙන් කාන්තාවන් නම දෙනෙකුගෙන් එක් අයෙකුට තම ජීවිත කාලය තුළදී පියයුරු පිළිකාවක් ඇති වීමේ අවදානමක් ඇත. පියයුරු පිළිකා අතරින් 1% ක් ඇති වන්නේ පුරුෂ පාර්ශ්වයටය. පියයුරු පිළිකා සඳහා අවදානම් සාධක සෑම කාන්තාවකටම පියයුරු පිළිකාවක් ඇති වීමේ අවදානමක් පවතින අතර පහත සඳහන් අවස්ථාවලදී පියයුරු පිළිකාවක් ඇති වීමේ ඉහළ අවදානමක් ඇත. • වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට • වයස අවුරුදු 12ට පෙර වැඩිවියට පත්වී ආප්තවහරණය වයස අවුරුදු 50න් පසුව සිදුවීම. • උපත්පාලන පෙති හෝ හෝමෝන ප්‍රතිකාර ක්‍රම භාවිත කර තිබීම • පළමු දරුවා වයස අවුරුදු 30 පසුවී බි...
Comments
Post a Comment