කොරෝනා සහ ජඩ මාධ්‍ය

 




ඉතා කලකිරීමෙන් ලියමි.

මුලින්ම කියන්ඩ ඕනේ මගේ පවුලේ කිසිම කෙනෙක් හෝ නෑදෑයෙක් හෝ ඇගලුම් කම්හල්වල සේවය නොකරන බව.සමස්ත ඇගලුම් කර්මාන්ත සේවකයන් වෙනුවෙන් ලියමි. දිවුලපිටියේ ඇගලුම් කම්හලක සේවීකාවකට කොරෝනා බවට සොයාගත් අවස්ථාවේ සිට එම කම්හලේ තවත් සේවකයන් 76කට කොරෝනා වෛරසය සෑදී ඇති බව සොය ගත් මේ අවස්තාව දක්වා රජයේ මාධ්‍ය මෙන්ම සමහර පිරිස්වල හැසිරීම පිලිබදව ඉතා කනගාටුවට පත්වෙමි. රජයේ මාධ්‍ය වල ප්‍රවෘත්ති බැලු කෙනෙකුට සිතෙන්නේ එම ඇගලුම් කම්හල් සේවිකාව හා ඇගේ දරුවා සමාජයට හිතමතා කොරෝනා බෝ කල මහා අපරාදකරුවන් ලෙසයි. එසේම තවත් පිරිසක් කොරෝනා සෑදුනු එම කාන්තාව වෛශ්‍යාවක් මට්ටමට දමා අදහස් ප්‍රකාශ කර තිබෙන ආකාරයද දක්නට ලැබුනා. ඉතින් කියන්ඩ තියෙන්නේ මෙච්චරය, රටක් විදිහට අපි මෙහෙමවත් ඔලුව උස්සලා ඉන්නේ ආර්ථිකය මේ මට්ටමින්වත් තියෙන්නේ ඔය ඇගලුම් කර්මාන්තශාලා ටිකයි, පිටරට ගිහින් දුක් විදලා සල්ලී එවන මිනිස්සුයි නිසා, ඒ නිසා ඒ මිනිස්සු ගැන කතා කරනකොට ගෞරවයක් ඇතුව කතා කරන්න ඉගෙන ගත්තොත් මේ රට කවදා හෝ දියුණු රටක් කිරීමට පහසු වනු ඇත.

කවින්ද්‍ර ගංගීත්



Comments

  1. Aththenma ow. Manawawadi nowana adahas pala karana kisiwek saba janamadyawedeen nowe.

    ReplyDelete
  2. වෙලාවේ හැටියට වටිනම සහ දැකපු සුන්දරම පෝස්ට් එකක්

    ReplyDelete
  3. ඇත්ත කතාව 👍👍

    ReplyDelete
  4. ඇත්ත කතාව 👍👍

    ReplyDelete
  5. ඇත්ත කතාව 👍👍

    ReplyDelete
  6. අවාසනාවකට ඇත්ත කතාවක් 😖

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද