පැහැ නොවන ආල
![]() |
| 💅📷 චමෝදී දයාවංශ |
...................................
සිතින් වර්ණකල්පිතව
මවමි නුඹ ලගින් සිටි වග
දැනුදු
දිවෙයි හද තනි වන තැන
වසයි නුඹ දුන් විෂ
ආල තරමට
නොදුටී නීල දෙනෙත
රත් වූ මගේ දෙනෙත
එ වර්ණ ලෙසට
කැඩපතකි නුඹේ දෙතොල
විෂ මත්ව වැටෙන
මා හිස්ව කලෙක
දම් පැහැ ය අහස
නිසල නිදන රැයක
නිදි වදින මලෙක
කේෂ වැටෙන තැනක
ඉකි බිදිනු මැනව
✍️ සුදේශ් අබේනායක

රුවට මැවුණ පද
ReplyDeleteලස්සනයි 💐
ReplyDelete❤️❤️
ReplyDeleteLassnyy
ReplyDelete❤️❤️❤️
ReplyDeleteකල්පිත ඔබේ පන්හිද
ReplyDeleteහැඩ දමා වහරන සොදුරු
ඔසවා සිරස
අහසට ම මුමුණන
සිතුවිල්ලේ පැහැති දම් නෙතු සගළ
අපූර්ව ය.