පැහැ නොවන ‌ආල

💅📷 චමෝදී දයාවංශ


...................................


සිතින්  වර්ණකල්පිතව 

මවමි නුඹ ලගින් සිටි වග 

දැනුදු 

දිවෙයි හද තනි වන තැන 

වසයි නුඹ දුන් විෂ 

ආල තරමට


නොදුටී නීල දෙනෙත 

රත් වූ මගේ දෙනෙත

එ වර්ණ ලෙසට 

කැඩපතකි නුඹේ දෙතොල

විෂ මත්ව වැටෙන 

මා හිස්ව කලෙක


දම් පැහැ ය අහස

නිසල නිදන රැයක

නිදි වදින මලෙක

කේෂ වැටෙන තැනක

ඉකි බිදිනු මැනව


✍️ සුදේශ් අබේනායක



Comments

  1. කල්පිත ඔබේ පන්හිද
    හැඩ දමා වහරන සොදුරු
    ඔසවා සිරස
    අහසට ම මුමුණන
    සිතුවිල්ලේ පැහැති දම් නෙතු සගළ
    අපූර්ව ය.


    ReplyDelete

Post a Comment

Popular posts from this blog

දෙවියනි මම ගැහැනියක් නොවේ ද ?

පියයුරු පිළිකා (Breast Carcinoma) ගැන ඔබ දැනුවත් ද?

මල් ගස් වල මල් පිපෙනු ඇතැයිද